වර්ජනය නවතා රාජකාරීයට වාර්තා නොකළහොත් දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට වෛද්‍ය බලපත්‍ර අහෝසියි

Published in විදෙස්
Thursday, 29 February 2024 10:56

වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) දිනයේ එම වර්ජනය නවතා රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බවට දකුණු කොරියානු රජය අනතුරු අඟවයි.

පසුගිය සතියේ සිට එරට කනිෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් 75%ක් පමණ සේවයට වාර්තා නොකර වර්ජනයක නිරත වෙයි.

ඒ හේතුවෙන් බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සහ ශෛල්‍යකර්ම ඇනහිට ඇති බව සඳහන් ය.

වෛද්‍ය විද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් බඳවා ගැනීමට විරෝධය පාමින් මෙම පුහුණු වෛද්‍යවරුන් වර්ජනය අරඹා තිබුණි.

රජය එමගින් බලාපොරොත්තු වී ඇත්තේ එරට වෛද්‍යවරු ප්‍රමාණය වැඩිකිරීමටයි.

ලොව සංවර්ධිත රටවල් අතුරින් වෛද්‍යවරුන් - රෝගීන් අතර අනුපාතය අඩුම රටකි දකුණු කොරියාව. එනම් එහි එක් වෛද්‍යවරයෙක් ආවරණය කරන රෝගීන් ගණන ඉතා වැඩි අගයක් ගනී.

එරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක රජය අනතුරු අඟවන්නේ ඉදිරි දශකය තුළදී අවශ්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතිවිය හැකි බවයි.

-P.M

 

 

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us