subash

subash

මලාවි රාජ්‍යයේ උපජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී ඇත.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් 2024 ජූනි 10 දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. Grayline 1 සහ Grayline 2 අංගනවල අතිකාල සේවයෙන් ඉවත්වීමට රේගු නිලධාරීන් මේ වන විටත් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අඛණ්ඩව කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් 2024 පළමු මාස ​​පහ තුළ ඩොලර් බිලියන 1.4 කට අධික ආදායමක් උපයා ගනිමින් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 87% ක විශ්මිත වර්ධනයක් සනිටුහන් කර ඇත.

තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා දුන් නිර්දේශය සම්බන්ධයෙන් අද(10) දිනයේ සලකා බලන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ දී වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ධීවරයින් පවසයි.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත ඊයේ (09) රාත්‍රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත.

Connet With Us