subash

subash

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා අද (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වාග් චිකිත්සක තනතුරට උපාධිධාරීන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මහ වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධික වර්ෂාවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 15,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල, කොඩිගහකන්ද යන ප්‍රෙද්ශයන්හි පවුල් 50 කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිතව තිබේ.

අද(06) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. විදුලි බල පනත් කෙටුම්පත අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

Connet With Us