subash
ඩෙංගු රෝගය වර්ධනය විය හැකි ප්‍රදේශවල දුමායන කටයුතු ඇරඹේ
ඩෙංගු රෝගය වර්ධනය විය හැකි ප්‍රදේශවල දුමායන කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාසල් 160 ක් පැවති මහ වැසි තත්ත්වය හේතුවෙන් වසා දමා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සජිත් එනවා නම් අනුර එනවා.. ITN එකට ජාජබයෙන් පිළිතුරක්.
සජිත් හා අනුර අතර වන විවාදය, ස්වාධීන රූපවාහිනී සේවය මගින් සජීව විකාශනය කරමින් අදාළ මාධ්‍ය පහසුකම් සැලසීමට සූදානම් බවට මෙම පක්ෂ දෙක වෙත දැනුම දී තිබුණු අතර ඒ අනුව ඊට පිළිතුරක් සපයමින් ජාජබයේ නලින්ද ජයතිස්ස කියා සිටින්නේ මේ සඳහා අනුර දිසානායක සූදානම් නමුත් සජිත් ප්‍රේමදාස මහතා අදාළ විවාදයට සහභාගී වන්නෙ නම් එය තහවුරු කර දන්වන ලෙසය.

සජිත්-අනුර විවාදය කවදා,කොහෙද තියෙන්නේ අහන්න එපා.. ප්‍රතිපත්තියක් තිබෙනවාද අහන්න?
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා අතර යෝජිත තම තමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති ගැන වන විවාදය අවසන් වරට එළැඹෙන ජුනි 06 එනම් හෙට දිනයේදී පවත්වීම සිදු වෙනු ඇති බවව මෙරට ජනතාව බලාපොරොත්තු විය.
අමරිකාවේ වැඩ පෙන්වන ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් වරම දිනාගනියි..
අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත ටියානා සුමනසේකර තරුණිය අමෙරිකා ධජය යටතේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පැරිස් ඔලිම්පික් උලෙළ නියෝජනයට සූදානම් වෙයි. පසුගිය කාලයේ පිට පිට රන් පදක්කම් ගනනාවක් දිනා ගැනීමට සමත් වූ හෙයින් ඇය අමෙරිකා ජිම්නාස්ටික් කණ්ඩායමට තෝරා ගෙන ඇත.
ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී අද ( 04 වැනිදා) පැවසීය.
2032 බ්‍රිස්බේන් ඔලිම්පික් පදක්කම් දිනාගන්න රාජ්‍ය හා පෞද්ගලික ටීම් එකක්
2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ගාසා තීරයේ දකුණු කෙළවරේ, රෆා නගරයට නුදුරින් පිහිටුවා ඇති සරණාගත කඳවුරක කුඩා දරුවන් 100 කට වැඩි පිරිසක් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් සියලු දෙනාට ඇත්තේ එක් පොදු වැසිකිලියක් බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සංචාරක ආකර්ෂණිය නව මුද්‍රාවක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි නව මුද්‍රාවක් ජූනි මස පලමු වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනාගේ ගැටුමෙන් රාජපක්ෂට පැය 3ක සැත්කමක්
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට ඊයේ (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය. ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.
-P.M
