subash
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Youth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.
13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක විය යුතු බව අනුර කුමාර පිළිගනී
පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.
විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.
වතු සේවක වැටුප් ඉහළ දැමීම ගැන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පැසසුමට
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.
දැනට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (11) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා ප්‍රශ්නයට බන්දුලගෙන් පිළිතුරක්
රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තුන්වන වාරිකය ලබාදීම සඳහා වන සාකච්ඡා හෙට (12) දින ආරම්භ කිරීමට නියමිතයි.
