තැපැලත් ලෙඩ වෙයි

Published in පුවත්
Thursday, 13 June 2024 07:50

සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තු කටයුතු සිදු කිරීමට බධා මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප තැපැල්පති රුවන් සත්කුමාර් මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු පැවසුවේ, සේවකයින් බඳවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් විසඳුම් ලැබී නැතැයි තැපැල්පතිවරයා පැවසීය.

මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වැඩ වර්ජනය ද අඛණ්ඩව සිදු කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය පවසයි.

විද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් එම තීරණය ගත් බවයි.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 43 කි.

වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

තව ද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 8 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

එහි සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත නොකිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ හේතුවෙන් ග්‍රාමීය මාර්ග හා පාලම් ව්‍යපෘතියේ කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර රජයේ මිනින්දෝරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

එහි සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් උරුමය ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළට බාධා මතුව ඇතිවන බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us