ශ්‍රී ලංකාවට සුබ බලාපොරොත්තු එක්කරමින් IMF තුන් වැනි වාරිකයටත් අනුමැතිය හිමිවෙයි Featured

Published in පුවත්
Thursday, 13 June 2024 08:08

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, ශ්‍රී ලංකාව සමග එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, තම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇති බවය.

2023 දෙසැම්බර් වනවිට සමාජ වියදම් හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ද ඔවුන් පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ දෙවන වාරිකය අනුමත කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සපුරාගෙන ඇති බව ඔහු එහිදි ප්‍රකාශ කර තිබේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතින බවත් කෙන්ජ් ඔකමුරා මහතා පවසයි.

කෙසේවෙතත් මෙම ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව පෙන්වාදෙන නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසන්නේ, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මුල්‍ය විනය වැඩිදියුණු කිරීමට උපකාරි වන අතර ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය බවය.

මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහය විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් පමණ හිමිවීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම මෙරටට ලබාදෙන්නේ අවස්ථා 4ක දීයි.

සමාන වාරික 4 කින් ණය මුදල මෙරටට ලබාදෙන්නේ එක් එක් වාරිකය මුදාහැරීමෙන් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසුවයි.

මේ වනවිට ණය මුදලේ වාරික 2ක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 667කි.

-P.M.

Last modified on Thursday, 13 June 2024 08:14

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us