13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක විය යුතු බව අනුර කුමාර පිළිගනී

Published in පුවත්
Wednesday, 12 June 2024 09:11

පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ, එය තවදුරටත් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවය.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග යාපනයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

"මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කමක් අවශ්‍ය වී තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට ව්‍යවස්ථාව තුළ නීති තුළින් ස්ථාපිත කරලා තියෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි අවම කළ යුතුව තියෙනවා. සමහර ඒවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව සිදුකිරීමට ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරකම් අවශ්‍යයි. පළාත් සභා කියන්නේ බලය බෙදාහැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක පළාත් සභාවලට අපි එකඟත්වය පළ කළා. ඒ විතරක් නෙමෙයි පළාත් සභාවලින් දැනට තියෙන තත්ත්වයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා අපි ඉන් ඔබ්බට යා යුතුයි. ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික ආදි කේෂ්ත්‍ර ගණනාවක වෙනස්කමකින් තමා ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා."

මේ අනුව අනුර කුමාර මහතා මෙතෙක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා සඳහා මෙතෙක් ලබා දී නැති ඉඩම් හා පොලිස් බ්ලතල ලබා දීම සහ ඉන් ඔබ්බට ගිය ක්‍රියාමාර්ග අවශ්‍ය බව පිළිගැනීම සිදු කර තිබෙන බව පැහැදිලිය.

මෙම අදහසම මීට කාලයකට පෙර ජාජබයේ හරිනි අමරසූරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා වහාම මධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථාවට මුළුමනින්ම ජවිපෙ විරුද්ධ බවත් හරිනිගේ අදහස නොපිළිගන්නා බවය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවක් සිදු විය.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ද හමුවූ අනුර කුමාර දිසානායක මහතා ඔහු සමගද සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us