subash

subash

කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.

වැස්ස අදත්

Published in පුවත්
Sunday, 16 June 2024 09:09

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය, තලවකැළේ සහ වටගොඩ අතරදී ඊයේ (15) රාත්‍රියේ පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළේ කාලයෙන් කාලයට නිර්මාණය වෙන රැලි කියන්නේ ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තම එය රැලිම විතරක් නගන මුහුදක ඇදෙන නෞකාවක් වගේ. ඒ ඒ කාලවලට රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් කළ හැකි රැලි දිගින් දිගටම නිර්මාණය වෙනවා වගේම ඒවායේ බලපෑමට මුහුණ දෙන්න මේ නෞකාවට සිද්ද වෙනවා. මේ මොහොතේ වැටුප් අළලා සිද්ද කෙරෙමින් තිබෙන වැඩ වර්ජන රැල්ලත් එයින් එකක්.

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව ඖෂධ සැපයීමට විශේෂ බලපත්‍ර 286ක් පසුගිය කාලයේ එක්තරා පෞද්ගලික සමාගමක් වෙත ඖෂධ නියාමන අධිකාරියේ බලධරයන් විසින් නිකුත් කර ඇති බව වාර්ථාවේ.

Connet With Us