කොළඹ- බදුල්ල දුම්රිය ධාවනය සීමා කෙරේ

Published in පුවත්
Sunday, 16 June 2024 08:59

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය, තලවකැළේ සහ වටගොඩ අතරදී ඊයේ (15) රාත්‍රියේ පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබේ.

එම දුම්රියේ ගමන් කළ මගීන්, බස් රථවලින් පිටත් කර යැවූ බව, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය, හැටන් දක්වා සීමා කර තිබේ.

බදුල්ලේ සිට පැමිණෙන දුම්රිය ගමන් කරන්නේ, නානුඔය දක්වා පමණයි.

දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, පාලක මැදිරිය සඳහන් කළේ ය.

මේ අතර ප්‍රධාන මාර්ගයේ සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

අද (16) උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක මහතා දුම්රියෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය මේ වනවිට ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව සඳහන්ය.

ගනේමුල්ල - බුලුගහගොඩ යන දුම්රිය ස්ථාන අතර දී එම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

-P.M

Last modified on Sunday, 16 June 2024 09:01

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us