(2024) දීත් වාහන ආනයනය සඳහා අවසර නැහැ

Published in පුවත්
Saturday, 15 June 2024 15:19

රටේ විදේශ සංචිත ප්‍රමාණය තවමත් ඉහළ ගොස් නොමැති බැවින් මේ වසරේදීත් (2024) වාහන ආනයනය සඳහා අවසර ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

රටේ විදේශ සංචිත ප්‍රමාණය තවමත් පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන හයකට ආසන්න අගයක බැවින්, විදෙස් සංචිත ප්‍රමාණය ශක්තිමත් කරගැනීමෙන් පසුව වාහන ආනයනය කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව, විදෙස් සංචිත ප්‍රමාණාත්මකව ඉහළ යන ප්‍රමාණය අනුව ලබන වසරේ (2025) සිට යම් යම් කාණ්ඩයේ වාහන ආනයනය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී ඇත.

මෙරට ආර්ථිකය තවමත් අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද ප්‍රකාශ කර තිබෙන බැවින්, ර‍ටේ විදේශ සංචිත ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා ගැනීමට රජය සැලසුම් කර තිබේ. මේ නිසා මේ වසරේදී වාහන ආනයනය නොකිරීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 ට තීරු බදු රහිත වාහන අනයනය සඳහා බලපත්‍ර සහ වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කථානායකවරයා හරහා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දොළොස්දහස් පන්සීයකටද තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇතැයිද අනාවරණය වේ.

කෙසේ නමුත්, තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබා දුන්නද, රජය විසින් වාහන ආනයනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බැවින්, මෙම බලපත්‍ර තවත් අයකුට විකිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද අනාවරණය වේ.

- අරුණ 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us