රෝයල් පාක් ඝාතකයාට අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිට ඇමති ටිරන්ගේන් ලිපියක්

Published in පුවත්
Saturday, 15 June 2024 07:49

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළේය.

මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙස්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරිණ.

මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා විදේශගතවිය. දැනටමත් ඔහු සිටින්නේ විදේශයක බව පැවසේ.

රෝයල් පාක් ඝාතන සිද්ධිය සිදුවූයේ 2005 වසරේ ජූලි මස 1 වැනිදාය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us