subash
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින්ට තවදුරටත් අවස්ථාව
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තෙල් සංස්ථාව පුද්ගලීකරණය ක්‍රියාවලියේ ලොකු අවුලක්..අපේක්ෂිත ප්රතිලාභ වතුරේ යන හැඩ
ශ්‍රී ලංකා රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර යටතේ ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා, රටේ ඛනිජ තෙල් සිල්ලර අංශයේ කොටසක් පෞද්ගලීකරණය කිරීමේ උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියක් පසුගියදා අවසන් කරනු ලැබීය.
පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි පාඩුවක් සිදුවීමෙන් ඉන්ධන වෙනුවෙන් ජනතාවට අතිරේක බරක් දැරීමට සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී ඇත.
යෝගා දිනය සැමරීමට එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනාධිපතිට ඉල්ලීමක්
යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව යෝගා දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවමින් ඉල්ලා තිබේ.
පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.
බන්ධනාගාරගත රැඳවියන්ට හෙට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්
හෙට (21) යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇත.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ උපදෙස් සංශෝධනයට කැබිනට් අනුමැතිය
පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඍජු ආයෝජන ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව සහ සෞදිය අතර අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්රදානය කරමින්, කිසිදු දරුවෙකුට දුක්විඳීමට ඉඩ නොතබන බව ජනපති කියයි
දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 5 - 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
