subash

subash

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග වලට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසනවා.

බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

අද දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු - විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ.

ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

දේශපාලනයේ කඳවුරු බේදීම සාමාන්‍ය‍ය දෙයකි. මැතිවරණයක් ආසන්න වෙද්දී කඳවුරු බෙදිල්ලත් සාමාන්‍ය දෙයකි.පසුගිය කාලයේ මේ කඳවුරු බෙදිල්ල විවිධ දේශපාලන ආර්ථික මතිමතාන්තර සමඟ විවිධ විග්‍රහයන්ට පාත්‍ර වෙමින් තිබිණි. දක්ෂිණාංශක කඳවුර සහ වාමාංශික ජාතිකවාදී කඳවුර එහෙම වූ ප්‍රසිද්ධ බෙදිල්ලකි.

Connet With Us