subash
O/L විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අදින් ඇරඹේ
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි.
දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරනවා -ජනපති
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත්, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව තිරසාර මාවතකට ගෙන යන්න මෙරට බලධාරීන්ගේ උත්සාහයට පැරිස් සමාජයෙන් ප්‍රශංසා
ශ්‍රී ලංකාව තිරසාර වර්ධන මාවතකට අවතීර්ණ කිරීම සඳහා මෙරට බලධාරීන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා ණය හිමි කමිටුව ඇතුළත් පැරිස් සමාජය පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ. ඒ, චීන රජයේ විශේෂ ආරාධනයකට අනුවයි.
කොළඹට ගංවතුර ආවේ කොහොමද ? සති දෙකක් තුළ වාර්තාවක් කැඳවන ලෙස සාගලගෙන් නියෝග
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නා.
හිටපු රුසියානු ආරක්ෂක ඇමති සහ මාණ්ඩලික ප්රධානීට ජාත්‍යන්තර වරෙන්තු
හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
දකුණු අප්‍රිකාව 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුසුසුකම් ලබයි
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාව අද (27) සමත්විය.
ජනාධිපති දළදා වහන්සේ වැඳපුදා ගෙන මහනුවර නගර සැලැස්ම මහනාහිමිවරුන් වෙත පිළිගන්වයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.
ජූලි 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක්
ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
පොහොට්ටුව රනිල්ට උදවු කරන්නේ ඔහුට අභියෝග බාර ගැනීමට ඇති හැකියාව නිසා - ඇමති ප්‍රසන්න
රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ එකම විකල්පය බව අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
