subash
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් වන්නේ නැහැ -බයින්ඩින්
කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසයි.
වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට අධිකරණ දෙකකින් නියෝග
කොළඹ මාර්ග කිහිපයක් අවහිර නොකරන්නැයි නාමල් කරුණාරත්න ඇතුළු වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට අධිකරණ දෙකකින් නියෝග නිකුත් කර තිබේ.
මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක්
තංගල්ලට එපිට මුහුදේ දී පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධකරණය නියම කළේය.
කෘතීම මතකයක් මගින් වසර ගණනක සිර දඩුවමක් ලිහිල් කළ හැකි අමුතු වැඩක් ලෝකයෙන් සොයාගනී
විවිධ වැරදි සඳහා සිර දඩුවම් නියමවූ අපරාධකරුවන්ට ඉතා කෙටි කාලයක් තුළ තම දඩුවම් කාලය ගෙවාදැමිය හැකි නව සංකල්පයක් ලොවට හඳුන්වාදී ඇත.
ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට අප රට තුළ පමණක් නොව විදේශ වෙළෙඳපළේ පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන අප රටේ නිෂ්පාදිත TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීමට පියවර ගැනීම නිසා එම අඹවල ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ලවෙමින් පවතිනවා.
