subash

subash

මෙතෙක් කළක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද දින (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ බොරැල්ලේ මල්ශාලාවට ඊයේ (10) රාත්‍රි 11.30ට පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදී තර්ජනය කර තිබේ.

අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

Connet With Us