subash
සාමාන්‍යයෙන් ජන සමාජය තුළ ප්‍රමුඛ ඉල්ලීමක් නැතිනම් බලාපොරොත්තුවක් වන්නේ අනෙකාට ඇති අවස්ථාව තමන්ටත් තිබිය යුතුයි කියන එක. රජයක කාර්යභාරය වෙන්නේ පුරවැසියන් සියළු දෙනාට සම අවස්ථා අත්පත් කරගැනීමට හැකි වතාවරණයන් හදලා දෙන එක. ඕනෑම රජයක් මුහුණ දෙන අභියෝගයත් මේකයි.
ජවිපෙට සහ සජබයට තවත් දුවන්න අරින්න. කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා. - රනිල්
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
නැවත දැනුම් දෙන තුරු අරාබි සහ බෙංගාල මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි උපදෙස්
අරාබි සහ බෙංගාල මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.
ඉන්දියාවේ සිට කොළඹ වරායට යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගනී
ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගින්නක් හටගෙන තිබේ.
අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 4.2ක්
වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
සමාජ සාධාරණත්වය සහ විදුලි බිල සියයට 300 ක් වැඩිකර 22 ක් අඩු කිරීම
පසුගියදා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව විශාල අගයකින් අඩු කිරීමට ගත් පියවර මෙරට සෑම ක්ෂේත්‍රයකම විදුලි පාරිභෝගිකයන්ට වාසි අත්පත් කර දී තිබේ. ආර්ථික අර්බුද සමයේ ඉහළ ගිය විදුලි ගාස්තුව වැඩි අගයකින් මේ වන විට අඩු වීම කැපී පෙන්නෙකි.
සජිත්, අනුර ඇතුලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තර කෙරේ
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් කිරීමට සැලසුමක්
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
