අවසන් වරට පසුගිය මාර්තු මාසයේදී අඩු කරන ලද විදුලි බිලට සාපේක්ෂව සියයට 22.5 ක පමණ සාමාන්‍ය අඩු කිරීමක් මෙහිදී සිදු කර ඇත.
නමුත් මෙය විපක්ෂ ප්‍රචාරය කරගෙන යන මෙන් විදුලි ගාස්තුව සියයට 300 කට වැඩිකර සියයයට 22 ක් අඩු කිරීමක් නොවේ.
ඉතිහාසයේ වැඩිම ගාස්තු අයකිරීමක් සිදු කළ 2023 පෙබරවරී 15 ගාස්තු සංශෝධනය හා සසඳා බැලීමේ දී මෙම වසර එකහාමාර කට පසුව සිදු කළ අඩු කිරීම අති විශාලය.
උදාහරණයකට ඒකක 30 ට වඩා ඩු පාරිභෝජනයක් සහිත කාණ්ඩය 2023 පෙබරවාරියෙන් පසුව උපරිම ගාස්තුව වූ රුපියල් 1300 ක ගාස්තුව, රුපියල් 280 දක්වා අඩු වී ඇත. 2014 සිට 2022 දක්වා වූ කාලයේ මෙම ගාස්තුව රු 105 ක් විය. ඒ අනුව මේ වන විට පවතින මිල ඊට සාපේක්ෂව වැඩි අගයක් වූව දරාගත හැකි සාමාන්‍ය මට්ටමකි.
2022 ට පෙර රු. 4003 ක ගාස්තු ගෙවු පිරිසට, 2023 පෙබරවාරි යේදි රු. 9780 ක් ගෙවන්න සිදුව තිබු අතර වත්මනෙහි එය රු. 6360 ට අඩු කර ඇත.
මේ අනුව රටේ පැවැති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මිළ ඉහළ යෑම සලකා බැලීමේදී මෙවර විදුලි බිලෙහි අඩු වීම කිහිප ගුණයකින් විශාලය.
ආගමික සිද්ධස්ථාන සඳහා ද නව මිල ක්‍රමය යටතේ වන ගාස්තු 2022 අගෝස්තුවේ ඉහළ දැමූ ගාස්තුවට වඩා අඩු කර ඇත. මේ ආකාරයෙන් සියළු ක්ෂේත්‍රවල දැනෙන ගාස්තු අඩුවීමක් සිදුකර ඇත.
මේ සමඟ වන වගු සටහන් වලින් 2014 පසුව වූ වෙනස්කම් පැහැදිලිව ඇත.
වැඩිම වාසිය සංචාරක ක්ෂේත්‍රයට
විශේෂයෙන්ම සංචර හොටල් ක්ෂේත්‍රය සඳහා මිල අඩු කිරීම 2014 දී පැවැති මිලටත් වඩා අඩු කිරීම් සුවිශේෂීය. 2014 දී රු. 22,600 ක බිලක් ගෙවූ අයට 2023 පෙබරවරියේදි රු. 48,600 ක ගෙවීමට සිදුව තිබු අතර දැන් එය රු. 17,000 කි. මේ අනුව මෙම මිල අඩුවීම් සංචාරක ක්ෂේත්‍රයට විශාල වාසියක් අත්පත් කර දී ඇත.
ගාස්තු වැඩි කළේ ඇයි ?
විදුලි බිල වැඩි කිරීමට සිදු වූයේ යැයිද යන්න ගැනත් මෙහිදී යමක් සඳහන් කළ යුතුය. මෙරට ආර්ථික අර්බුදය ඇති වීමට පෙර අවසන් වරට විදුලි ගාස්තු වැඩි කිරීමක සිදු කර තිබුණේ 2014 වසරේදීය. එතැන් සිට 2022 අගෝස්තු මාසය දක්වා විදුලි බිල නොවෙනස්ව පැවැතිනි.
නමුත් මේ කාලය තුළදීම විදුලිය බෙදා හරිනු ලැබුවේ සහන මිලකටකය. එය ගෘහස්ත පාරිභෝගිකයාගේ සිට කර්මාන්ත ආදි සියලු ක්ෂේත්‍රයන්ට සහනදායක ගාස්තුවක් අය කෙරිනි. මේ නිසා විදුලිය උත්පාදනය සඳහා විදුලි බල මණ්ඩලය වැය කරන මුදලත් විදුලි බල මණ්ඩලයේ නඩත්තුව සඳාහා වැය කරන සමස්ත පිරිවැය එම ආදායමෙන් සැපිරීම සිදු කළ නොහැකි විය. එම අඩුව සපුරා ගත්තේ ණය සහ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලිනි. මෙම අමතර උපයාගත් මුදල, මණ්ඩලයේ පාඩුව ලෙස ගනනය කෙරිනි. 2021 වසර අවසන් වන විට රුපියල් කෝටි අනූදහසකට අධික පාඩුවක් ලබා තිබිණි.
මෙම පාඩුව අවසානයේ පියනු ලැබුවේ රජය මඟිනි. රාජ්‍ය බදු ආදායම් ඒ වෙනුවෙන් යොදවනු ලැබීය. එනම් විදුලි බල මණ්ඩලයේ පාඩුව යනු එම පාඩුවට සමාන බදු මුදලක් ඒ වෙනුවෙන් වැයකිරීමට සිදු වීමය.
සමාජ සාධාරණත්වය
මේ බදු මුදල් යනු ජනතාවගෙන් අය කරගන්නා මුදල්ය. විශේෂයෙන්ම මෙම බදු ආදායමෙන් සියයට 80 ක පමණ වක්‍ර බදු නැතිනම් පාරිභෝගිකයන් ගෙන් අයකර ගන්නා වැට් බදු, භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු ආදියය. මේ අනුව විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් සපයා ඇත්තේ සෘජු ආදායම් බදු ගෙවන ධනවත් පුද්ගලයන් හෝ ව්‍යාපාරික සමාගම් හෝ නොවන බවත් පැහැදිලිය.
එහෙත් සහන මිලට ලැබෙන විදුලියෙන් වැඩිම පංගුවක් පාරිභෝජනය කරනු ලබන්නේ මේ ධනවතුන් සහ මහා ව්‍යාපාරිකයන් විසිනි.
ඒ අනුව සාමාන්‍ය ජනතාව අඩු විදුලියක් පාවිච්චි කළද වැඩි විදුලියක් පාවිච්චි කරන අයට ලබා දෙන සහනය වෙනුවෙන් ද විදුලි බල මණ්ඩලය ගබන පාඞ්ව පියවීමට තමන්ගේ බදු මුදල් පුජා කිරීම සිදු විය. එනම් තමන් පාවිච්චි නොකරන විදුලි බලයක් වෙනුවෙන්ද තමන්ට බදු මුදලින් හෝ ගෙවීමට සිදුව තිබූ බවය.
මෙතැනදී කලාන්තරයක් තිස්සේ සිදුව ඇත්තේ අසාධාරණයකි. මේ අසාධාරණ තත්වය ඇති වූයේ විදුලි ගාස්තු නියම කිරීමේදී විදුලි උත්පාදන පිරිවැය අනුව සියලු දෙනාටම සාධාරණ ක්‍රමයක් යටතේ තමන් පාවිච්චි කරන විදුලියට පමණක් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් නොතිබීම මතය.
මේ නිසා විදුලි බල මණ්ඩලයත් හැමදාම පාඩු විඳගත් අතර එම බර රජය කරට ගෙන එයින් නිදහස් වූයේ ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් යෙදවීමෙනි. රජය බදු මුදල් වැය කළ යුතුව ඇත්තතේ මේ වැරදි පිළිවෙත් නිසා වන පාඩු පියවීම සඳහා නොවේ. ජනතාවගේ සුබසාධනය සංවර්ධන කටයුතු වෙනුවෙනි. බදු මුදල් අනෙකකට වැය වීම නිසා නැවත වටයකින් අවාසියක් ජනතාවටම සිදුවීමත් මෙහිදි විය. මේ අනුව විදුලි ගාස්තු සංශෝධනය හා එය සාධාරණ ක්‍රමවේදයක් යටතේ කිරීම සමාජ සාධාරණත්වය තහවුරු කිරීමකි.
වැරැද්ද නිවැරදි කිරීම
රටේ විදුලි පාරිභෝජනය දිනෙන් දින වැඩි වෙමින් පවතින විට සිදුවන පාඩුව වැඩි වූ අතර ඒ අනුව මේ බදු මුදල් ක්ෂයවීම වැඩිවීමත් සිදු විය.
රටේ ආදායම් මාර්ග වර්ධනය නොවීමත්, පැවැති ආදායම් නිකරුනේ නාස්ති කිරීමත් සිදුවීම මත තවදුරටත් රටේ සංවර්ධනාත්මක ඉදිරි ගමන නතර විය. සෑම ක්ෂේත්‍රයකම අර්බුද ඇතිවෙමින් තිබියදී විදුලි බල මණ්ඩලයේ පාඩු දැරීමේ හැකියාවක් රජයට තිබුණේ නැත. රාජ්‍ය ආදායම් නොමැතිවීම මත මුදල් අච්චු ගසා ඒ පිරිවැය දැරීම මත තව දුරටත් ප්‍රශ්න උග්‍ර කරනු ලැබීය. රටේ උද්ධමනය දැවැන්ත ලෙස ඉහළ ගියේය. ඉන්ධන නැවකටත් මුදල් ගෙවා ගැනීමට නොහැකි විය. ඒ තබ විදුලි බල මණ්ඩලයේ සේවක් පඩි නඩි ගෙවීම පවා ගැටලුකාරී විය. මේ සියලු තත්වයන් හමුවේ පැය දොලහක විදුලි කප්පාදුවක් ද සිදු කෙරිනි.
මෙයට විසඳුම වූයේ විදුලි බල මණ්ඩලය පාඩු නොවන ලෙස පවත්වගෙන යෑමය. එනම් පිරිවැයට අනුව ගාස්තු නියම කිරීමේ ක්‍රමවේදයක් වෙත යෑමය.
විදුලි බිල ඉහළ දැමීම සිදු වූයේ ඒ අනුවය. මණ්ඩලය ලැබූ පාඩුවේ තරම අනුව විදුලි බිල කිහිප ගුණයකින් වැඩි කිරීමට සිදු වීම එම මොහොතේ සමාජය කම්පනයට පත් කරන්නක් වූව ඒ හැර වෙනත් විසඳුමක රජය සතු නොවීය. විපක්ෂය සතුව කොහොමටවත් ඊට විකල්ප උත්තර තිබුණේ නැත.
එහෙත් රජය එතැනින් නතර වූයේ නැත. විදුලි බල මණ්ඩලය ලබන පාඩුවට එකම හේතුව පිරිවැයට අනුව විදුලි ගාස්තු නියම නොකිරීම පමණක් නොවේ. රාජ්‍ය සේවයට උරුම ලෙස වංචාව, දුෂණය, නාස්තිය, අකාර්යක්ෂමතා වල තෝතැන්නක් බවට මණ්ඩලය පත්ව තිබිණි. එසේම වෘත්තීය සමිති මාෆියාව විසින් මේ දූෂිත අකාර්යක්ෂම යාන්ත්‍රණය රැක ගැනීම සඳහා නිරන්තරයෙන් පෙනී සිටීමත් සිදු විය. ඒ අනුව සිදුව තිබුනු වැරදි නිවැරදි කිරීම රජයට පහසු වූයේ නැත.
නමුත් එය ජනාධිපති රනිල්ගේ සෘජු තීන්දු තීරණත්, ඇමති කංචන්ගේ නොබියව ඊට මුහුණ දිමත් මත විදුලි බල මණ්ඩලය ලාබ ලබන තැනටත්, පාරිභෝගිකයාට අඩු මිළට විදුලිය ලබා දීමත් දෙකම සිදු කිරීමට සමත් විය. එපමණක් නොව වඩාත් කාර්යක්ෂම සහ අඛන්ඩ සේවාවක් සැපයීමත්, පුනර්ජනනීය විදුලි උත්පාදනයට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී අඩු මිළට විදුලි උත්පාදනය කිරීමත් ආදිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙලද මේ වන විට දියත් කර තිබේ. එමෙන්ම න්‍යෂ්ඨික බලය උපයෝගීකරගෙන විදුලි බලය නිපදවීමේ අවශ්‍යතාවයද හඳුනාගෙන ඇති අතර අතර මේ වන විටත් විදේශ ආයෝජන ඒ වෙනුවෙන් ඉදිරිපත්වද තිබේ.
මේ අනුව ඉදිරියේදී තව දුරටත් විදුලි ගාස්තු අඩු වීමක් මෙන්ම රජයට කිසිදු බරක් නොවන ලෙස විදුලි සැපයුම අඛන්ඩව සැපයීමත් සිදු වෙනු ඇත.
sj