බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් කිරීමට සැලසුමක්   Featured

Published in පුවත්
Wednesday, 17 July 2024 19:09

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා පැවසීය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ (17) පැවති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ "රන්දොර උරුමය" වැඩසටහනට එක්වෙමිනි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීම අද සංකේතවත්ව සිදු විය.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස 31 නිවැසියන්ට මෙම "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය

අද ඔබේ එක ප්‍රශ්නයක් විසඳී තිබෙනවා. තමන්ගේ නිවසේ සින්නකර අයිතිය ඔබට ලැබී තිබෙනවා. නිවසක අයිතිය නැති වීම ජනතාවට විශාල ගැටළුවක් බව අප දන්නවා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් ලෙස එහි ජනතාවගේ ගැටළු පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා.

අපි ආණ්ඩුව භාරගත්තේ ඉතා අසීරු කාලයක. පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙම ජනතාව විශාල පීඩාවකට පත් වුණා. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ඔබ විශ්වාස කළා. එම විශ්වාසය නිසාම එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. අප කෙරෙහි විශ්වාසය තබමින් ඉවසීමෙන් කටයුතු කළ ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

අද රට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මෙම ආණ්ඩුව එක පක්ෂයකින් ගොඩනැඟුවක් නොවෙයි. ඇතැම් අය වගකීම් පැහැර හරින විට ඉතා හදිසියේ එක් එක් පක්ෂවලින් පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව නිර්මාණය කළා. මීට පෙර මේ රටේ මෙවැනි ආණ්ඩුවක් තිබුණේ නැහැ.

රටක් වශයෙන් අප අද ගොඩනැඟෙමින් සිටින අවස්ථාවේ එහි ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතුයි. මෙම මහල් නිවාසවල පූර්ණ අයිතිය ඔබට ලබාදීමට කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි. අපි දැන් රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් තවත් ඉදිරියට යා යුතුයි. ජනතාවට හොද ජීවන තත්ත්වයක් ඇති කර දිය යුතුයි.
මේ ආණ්ඩුව ඉටුකර තිබෙන්නේ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉටු නොකළ වැඩකටයුත්තක්. අපි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අයිතිය ලබා දී තිබෙනවා. අපි මේ රටේ අයිතිය පුළුල් කර තිබෙනවා. අනෙකුත් ආණ්ඩු අයිතිය දෙස බැලුවේ කොටස් වෙළෙඳපොළේ පමණයි. ඔවුන් බැලුවේ කී දෙනෙක් කොටස් ගන්නවද, කොටස් වටිනාකම වැඩි වෙනවද, අඩු වෙනවද කියලයි. නමුත් අපි බැලුවේ සාමාන්‍ය ජනතාව දෙසයි.

මේ රටේ ගොවි ජනතාව පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. එසේ නොමැති වූවානම් අපට මෙම ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළයුතුයි. අප මෙතෙක් කාලයක් එම ජනතාවට ඉඩම් අයිතිය දුන්නේ නැහැ. මෙතෙක් සිදු වුණේ බලපත්‍ර ලබාදීම පමණයි. දැන් අප ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ කාලය අවසන් වන විට ලක්ෂ 20කට වඩා ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට සහ තට්ටු නිවාසවල ජීවත්වන ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කරනවා. එවිට මේ රටේ ඉඩම් සහ නිවාස අයිතිය තිබෙන ජනතාවගේ ප්‍රමාණය වැඩි වෙනවා. අප සිදු කර තිබෙන එම විප්ලවය කිසිදු ආණ්ඩුවකට කිරීමට නොහැකි වූවක් බව කිවයුතුයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ මේ රටේ ජනතාවට සහනයක් ලබාදීමටයි.


ඒ වගේම වතු ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳ අදාළ මන්ත්‍රිවරුන් කැඳවා මම සාකච්ඡා කළා. අලුත් නීතියක් සකස් කර සියලුදෙනා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ක්‍රියාත්ම කරන ලෙස මම එහිදී උපදෙස් දුන්නා.
ගමත්,නගරයත් වැවිලි ප්‍රදේශ යන තුනේම සියලු ජනතාවගේ නිවාස හා ඉඩම් අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරනවා. එය මේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහන වන බවද කිවයුතුයි. රට තුළ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප එතනින් ආරම්භ කරමු.

මේ මහල් නිවාස ඉදිකිරීම සඳහා හිටපු නායකයන් තුන් දෙනෙක් විශාල කැප කිරීම් කළා. ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා බම්බලපිටියේ පළමු මහල් නිවාස සංකීර්ණය ඉදි කළා. ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ විශාල මහල් නිවාස ව්‍යාපෘති ඇතිකළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහල් නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ තිදෙනාට ඒ සම්බන්ධව ස්තූතිවන්ත විය යුතුයි. අද මේ ඔබට ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් වෙනවා. එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියා මම ඉල්ලා සිටිනවා.

අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා. තව අවුරුදු 10 කින් කොළඹ දියුණු වෙනවා. බස්නාහිර පළාත ලක්ෂ 50ක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී රජයේ ඉඩම්වල තිබෙන පැරණි ගොඩනැගිලි ඉවත් කරනවා. ඒ වගේම මේ පළාතේ නව වරායක් ඉදිකළ හැකියි. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඇතුළු කණ්ඩායම දැනටමත් එම වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ අලුතින් පාසල කිහිපයක් ඉදිකිරීමට අප තීරණය කළා. අප එම වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

2024 වසරේ අයවැය යෝජනාවට අනුව ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය ලබාදිම අද සිදු කරනවා . අද ඔබ ඒ ආඩම්බර හිමිකරුවෙක් බවට පත් වෙනවා . ආහාර, ඇදුම් හා නිවාස කියන්නෙ මිනිසාගේ මූලික අවශ්‍ය තාවයන්. ඒඅනුව අද ඔබේ එම නිවස නම් මූලික අවශ්‍යතාවය ඉටු වෙනවා . මෙමගින් ඔබගේ ජීවිතයේ පෙරැළියක් සිදු වෙනවා . එය නියමාකාරයෙන් කළමනාකරණය කර ජීවිතය සාර්ථක කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

කොළඹ නගරයේ සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීයයි . කොළඹ නාගරික මහල් නිවාස ව්‍යාපෘතිය මඟින් අද විශාල පිරිසකට නිවාස හිමි වෙනවා . ඒ සදහා මූලික වශයෙන් කටයුතු කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි.

කතානායක මහින්ද යපා අබේවර්ධන , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයර් ෆෝස් රෝෂාන් ගුණතිලක ,රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , ඒ.එච්.එම්.ෆවුසි , යදාමිණි ගුණවර්ධන , නීතිඥ ප්‍රේමනාත් .සී. දොළවත්ත , විශ්‍රාමික මේජර් ප්‍රදීප් උදුගොඩ, නීතිඥ මධුර විතානගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක , ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ,ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එස්.සත්‍යානන්ද යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Last modified on Wednesday, 17 July 2024 19:47

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us