subash
ජනාධිපතිවරණයට තැපෑලේ වියදම් ඇස්තමේන්තුව මැතිවරණ කොමිසමට
ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ.
වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක මුව විටය. එම ජනාධිපති වරණයෙන් රනිල්ට විය හැක්කේ කුමක්ද? රනිල් බලයට පත්වු වහාම වාගේ ඔහු රටේ නායකයන් අතර සිටින ස්මාර්ට්ම නායකයා වන බවට මා කළ ප්‍රකාශයක් මහජන කථා බහකට හේතුවී තිබුණි.
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළේය.
විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා. නොදුන් තීන්දුවක්, දුන් බවට බොරුවක් සමාජ ගත කරලා. . මෙන්න ඇත්ත.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා අධිකරණ නියෝග නොසලකා හරිමින් අධිකරණයට අපහාස කර ඇති බවට විපක්ෂයත්, හුදු ආණ්ඩු විරෝධී පදනමක සිටිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවනුත් විසින් සත්‍ය තත්වයන් විකෘති කරමින් විශාල ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.
රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළේය.
වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න ජනපතිට මේ මොහොතේ බැහැ - අගමැති ගෙන් විශේෂ ප්‍රකාශයක්
වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් ඉදිරිපත් නොවන බවට විපක්ෂය දැවැන්ත ප්‍රචාරක කටයුත්තක නියැලුණු අතර අද දින ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම සිදුවන තෙක්ම ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල තහවුරුවක් ලබා දීම සිදු කර තිබුණේ නැත.
