subash

subash

අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ.

පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන දෙවැනි දිනය වන අද (2 වැනිදා) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිතය.

පොහො­ට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ගෙ­ද­රට පැමි­ණී­මට දොර­වල් විවෘත කර ඇති බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති මහින්ද අම­ර­වීර මහතා පැවැ­සීය.

අතු­රු­ගි­රි­යේදී කැරොකේ වසන්ත ඝාත­නය මෙහෙ­යවූ බව කියන පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වකු වන ලන්තු­වා­හන්දි සංජීව පුෂ්ප­කු­මාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙල­රූ­ස්හිදී එරට ආර­ක්ෂක අංශ මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව කියන තොර­තුර සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ජාත්‍ය­න්තර පොලිස් අංශයේ දැඩි අව­ධා­නය යොමු කර තිබේ.

ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ.

දිස්ත්‍රික්ක 19ක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන්ගේ හමුවක් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (01 වැනිදා ) පැවැත්විණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

Connet With Us