මහින්දගේ රැස්වීමට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරු 20 යි. එම පිරිසත් රනිල් එක්ක යමු කියයි. Featured

Published in Gossip
Friday, 02 August 2024 08:35

දිස්ත්‍රික්ක 19ක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන්ගේ හමුවක් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (01 වැනිදා ) පැවැත්විණි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මාතලේ, මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල නියෝජිතයන් මේ සඳහා කැඳවා තිබිණි.

නමුත් මෙම හමුවට සහභාගී වී ඇත්තේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රිවරු 20කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

රැස්වීමට පැමිණෙන්නැයි දැනුම් දී තිබියදී මහජන නියෝජිතයන් බහුතරයක් මෙය වර්ජනය කර තිබිණි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන 07 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මෙහිදී අනාවරණය විය.

එහෙත් පැමිණ සිටි මහජන නියෝජිතයන් පෙන්වා දුන්නේ එකමුතුව ගොස් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවය.

මෙම රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ "අපි පක්ෂයක් ලෙස වෙනම යනවා. අපි වෙනම අපේක්ෂකයෙක් දානවා. නමුත් ජනපති සමග සාකච්ඡා කරනවා. අපේ පක්ෂය අරන් තියෙන තීන්දුව නැවත වෙනස් කරන්න කියලා කිව්වොත් ඒක කරනවා. අපිට ඕන දිනන්න." යනුවෙනි.

-P.M

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us