සජිත් දිනවන්න, නාමල් බැහැලා වැඩ. රහස් කතාවේ එකඟතාවයන් හෙළිවෙයි. Featured

Published in Gossip
Wednesday, 31 July 2024 12:28

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සහ නාමල් රාජපක්ෂ පාර්ශ්වය අතර පසුගිය දා පැවැති රහසිගත සාකච්ඡාවේ අරමුණු මේ වන විට අනාවරණය වෙමින් පවතී.

ප්‍රකට රූපවාහිනී නාලිකා හිමිකරුවකුගේ මැදිහත් වීම මත මෙම සාකච්ඡාව කොළඹ සුපිරි හෝටලයක වෙන් කර ගත් කාමරයක් තුළ සිදුව තිබුණු බව වාර්තා වී තිබිණි. නමුත් මෙම සාකච්ඡාවේ අරමුණ කුමක්ද යන්න ගැන තොරතුරු ඒ මොහොතේ අනාවරණය වී නොතිබුණත් මේ වන විට එම කතාබහ අනුව ගත් තීරණයන් සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වයේ ඉහළ නායකයන් පිරිස සමඟ සිදු කළ සාකච්ඡාවන් තුළදී සාකච්ඡාවට ගෙන ඇත.

මෙහිදී මේ වන විටත් සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන අදාල මාධ්‍ය නාලිකා ප්‍රධානියා හරහා සජිත් පාර්ශ්වය සම්බන්ධ කරගැනීම නාමල් පාර්ශ්වය සිදු කර ඇත. ඒ අනුව දැන ගැනීමට ඇත්තේ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහව පරාජය කිරීම වුවමණාව සාර්ථක කර ගැනීමට නාමල් පාර්ශ්වය ගත් උපක්‍රමික තීන්දුව වී ඇත්තේ, කෙසේ හෝ සජිත්ව ජයග්‍රහණය කළ යුතු බවටය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමේ දී මහින්ද, බැසිල් සහ ගෝඨාභය ඔහුට පක්ෂයේ පුර්ණ සහයෝගය ලබා දෙන බවව පොරොන්දු වී සිටියේය. ඒ අනුව පොහොට්ටු පක්ෂය ඊට සහයෝගය දැක්වීම සිදු කළේය. එමෙන්ම ඒ මොහොතේ රට මුහුණ දී තිබු අර්බුදයත් පොහොට්‍ටු මැති ඇමැතිවරුන්ට සහ පාක්ෂිකයාට මුහුණ දීමට සිදුව තිබු අනාරක්ෂිත තත්වයන්ට අනුව ඒ සමතයකට පත් කරගැනීම මුලික විය.

කෙසේ නමුත් රනිල් රටේ සාමය සහතික කර, ආර්ථික අර්බුදයෙන් මිදිමට අවශ්‍ය ක්‍රියා මාර්ගත් දේශපාලනික ස්ථාවරත්වයත් ඇති කිරීමට සමත් විය. නමුත් මෙහිදී පොහොට්ටුවේ දේශපාලනික වුවමණාවන් සහ රාජපක්ෂ පවුලේ ඉල්ලීම් කිසිවක් ඉ‍ටු කිරීම, ජනාධිපතිවරයා වෙතින් සිදු වූයේ නැත.

විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ හිතවත් පිරිස වෙත ඇමැති තනතුරු ලබා නොදීම නිසා ප්‍රශ්න උද්ගත විය. පොහොට්‍ටුවේ මීලඟ නායකයා වීමට බලාපොරොත්තුවව සිටි නාමල් රාජපක්ෂ මින් නොසන්සුන් විය. තමන්ගේ බල පරාක්‍රමය පක්ෂය තුළ ගොඩනගා ගැනීමටත් රටේ අනාගත නායකයා ලෙස ගොඩනැංවීමට අවශ්‍ය පිරිස බලය ගොඩනංවා ගැනීමටත් ජනාධිපති රනිල් ගෙන් අවශ්‍ය සහය නොලැබීමේ ගැටලුව නාමල්ට තිබිණි. එසේම පොහොට්ටුවේ තරුණ ඇමැතිවරුන් දක්ෂ ලෙස කටයුතු කරමින් රටත් ජනතාවත් අර්බුදයෙන් මුදවා ගැනීමට තරම් ඉහළ සාර්ථකත්වයක් පෙන්වමින් සහ පොහොට්ටු ආණ්ඩුව තුළ රාජපක්ෂ පවුලට යටවී සිටීමෙන් තමන්ට වූ අසාධාරණයට ඔවුන් පිළිතුරු දෙමින් සිටීම ද නාමල් පාර්ශ්වය තුළ ඊර්ෂා මුසු හැඟීමත් ඇති කර තිබිණි. නාමල්ගේ ජනප්‍රියත්වය අභිබවා මේ තරුණ ඇමැතිවරු බලවත් විය.

තම පවුලේ ඉල්ලීම් නොසලකා ජනාධිපති රනිල් කටයුතු කිරීම,කෙසේ වෙතත් පොහොට්‍ටු පක්ෂයේ මැති ඇමැතිවරු බහුතරයක් රනිල් විසින් තමන් වෙතට දිනාගෙන තිබීම මත නාමල් වඩාත් උරන විය.

මේ අනුව නිල වශයෙන් නොවුණත් පක්ෂය දෙකඩ වීම බොහෝ කලකට පෙර සිදුව තිබිණි. මේ නිසා තවදුරටත් රනිල්ට සහයෝගය ලබා නොදීමට නාමල් තීරණය කර සිටි අතර පසුගිය කාලය පුරාම ආණ්ඩුටත් ජනාධිපති රනිල්ටත් එරෙහිව විවේචනාත්මක දේ ප්‍රකාශ කිරීම් සිදු විය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් පොහොට්ටුවේ සහය අපේක්ෂා කරන බැවින් මෙම අවස්ථාව පාවිච්චි කර නාමල් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබීවේය. ඒ කිසිවකට ජනාධිපතිවරයා අනුකූලතාවයක් දැක්වූයේ නැත. අවසාන වශයෙන් පොහොට්ටුවේ සහය ලබා ගැනීමට තමන් වෙත අගමැති තනතුර ලැබිය යුතු බවට කොන්දේසියක් සහ ඉදිරි මහමැතිවරණයේ නාමයෝජනා ලබා දීමේදි තම පක්ෂයට සියයට90 ක පමණ කෝටාවක් ඉල්ලා සිටීම සිදුව තිබිණි. නමුත් ජනාධිපතිවරයා ඊට කැමැති නොවීය.

මේ අනුව ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල්ට සහය නොදැක්වීමේ තීරණය නිල වශයෙන් ගැනීමට පෙර ඔහු සජිත් ප්‍රේමදාස හමුවී තිබිණි. ඒ තම පවුලේ තිරණයත් සමඟ විය හැකි ඉදිරි දේශපාලන තත්වයන් පැහැදිලි කර ගැනීම වෙනුවෙනි. මෙහිදී තමන්ගේ තීරණය දැනුම් දී සජිත්ට සහයෝගය ප්‍රකාශ කරන බවත් දන්වා ඇත. එම සාකච්ඡාවේ එකඟතාවයන් අනුව නාමල් තමන්ගේ තීරණය තහවුරු කිරීම පසුවදා පැවැති පොහොට්ටු විධායක මණ්ඩල රැස්වීමේදි සිදු විය.

සජිත් පාර්ශ්වය හා නාමල් පාර්ශ්වය අතර එඟතාවයන් අනුව මේ වන විට මැතිවරණ මෙහෙයුම සඳහා දැඩි මුල්‍ය දුෂ්කරතාවයකට පත්ව සිටින සජබයට මුල්‍ය ආධාර කිරීමත් ජනාධිපති රනිල් පමණක් ඉලක්ක කරගත් මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමත් නාමල් පාර්ශ්වය වෙතින් සිදුවේ. මේ වෙනුවෙන් රනිල්ගේ පරාජය බලාපොරොත්තු වන රටෙන් බාහිර පාර්ශ්වයක උදව් හිමි වීමටත් නියමිතය. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හරහා සාකච්ඡාවන් කිහිපයක් පසුගිය කාලයේ සිදුව තිබිණි.

එමෙන්ම මෙහිදි සජිත් පාර්ශ්වයෙන්, නාමල් පාර්ශ්වයට ලාබා දී ඇති පොරොන්දු අතර එළැඹෙන මහා මැතිවරණයේදී සන්ධාන ගත වීමක් හෝ මැතිවරණයෙන් පසුව සන්ධාන ගතවීමකින් හෝ ආණ්ඩුවක් පිහිටුවා අගමැතිධුරය සහ කැබිනට් සහ නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් පොහොට්ටුවට ලබා දීමත් වෙන බව දැන ගැනීමට තිබේ.

මේ අතර ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම ඉන්නේ සජිත් බවට නාමල් රාජපක්ෂ පළමුවරට රූපවාහිනී නාලිකාවක දී ප්‍රසිද්ධියේම පිළිගෙන ප්‍රකාශයක් සිදු කිරීමද විය. ඒ අනුව නාමල් මේ වන විටත් සජිත් දිනවීම වෙනුවෙන් පිටියට බැස ඇති බව තහවුරුවේ.

මෙම සාකච්ඡාවන් වෙනුවෙන් මැදිහත් වූ නාලිකා ප්‍රධානියා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සහය පල කරන්නෙත්, පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට වෙත සහය පළ කළෙත් එකම හේතුවක් මතය. ජනාධිපති රනිල් එම ඉල්ලීම නොසලකා හැර ඇත. මේ නිසා රනිල්ගේ පරාජය ඔහුට අතිශය වැදගත්ය. මේ නිසා සජබ පොහොට්ටු දෙපාර්ශවයේ එකතුව ඔහුගේ බලවත් වුවමණාවක්ද වී ඇත..

කොහොම නමුත් සජිත් ප්‍රේමදාස යනු එදා සිටම රාජපක්ෂ පවුලේ හිතවත්කම පවත්වාගෙන යනු පුද්ගලයෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දෙපාර්ශ්වය අනෝන්‍ය අවබෝධයකින් කටයුතු කළ බවත් නොරහසකි. සජිත්ගේ සොහොයුරියකට එල්ල වු හොර සල්ලි අච්චු ගැසීම ගැන චෝදනාවෙන් ඇයව බේරාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඒ බව ඔහු ප්‍රසිද්ධියේම පවසාද තිබිණි. එමෙන්ම රාජපක්ෂ වරුන්ට එල්ල වී ඇති දූෂණ වංචා අපරාධ සම්බන්ධයෙන් සජිත්ගේ නිහඩ බවද ප්‍රකටය.

මේ අනුව මේ සජිත් නාමල් අතර දේශපාලන ගනුදෙනුවක් සිදු වීම පුදුම වන්නට දෙයක් නොවේ. මේ රටේ දේශපාලනය අනුව අහඹු දෙයක්ද නොවේ. කොහොම නමුත් දැන් ඇතිව තිබෙන තත්වයන් අනුව රනිල් වික්‍රමසිංහට රනිල් රාජපක්ෂ ලෙස විපක්ෂය අලවා තිබු ලේබලය මේ වන විට සජිත් රාජපක්ෂ ලෙස වෙනස් වීමත් සිදුව ඇති බව පැහැදිලිය.

ඒ කොහොම වුණත් රටට වැදගත් වන්නේ කවර දේශපාලන ගනුදෙනු සිදු වුවත් එය රටේ අභිවෘද්ධියට හේතු වෙනවාද නැද්ද යන්නය. බලය ලබා ගැනීමෙන් පසුව මේ රටත් ජනතාවත් සම්බන්ධයෙන් ගන්නා පියවරයන් මොනවාද යන්නය. මේ වන විට ආර්ථික අර්බුදයෙන් යන්තම් ගොඩ පැමිණ තිබෙන රට මේ අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට ගන්නා පියවරයන් මොනවාද යන්නත්ය. නමුත් මේ කියන සාකච්ඡාවන් නම් මේ සජිත් නාමල් පාර්ශ්ව අතර මෙතෙක් සිදුව නැත. තම තමන්ගේ බල වුවමණාවන් සන්තර්පණය කර ගැනීම පමණක් සිදුව තිබේ.

Last modified on Wednesday, 31 July 2024 12:32

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us