තරුෂි අද තරග බිමට

Published in ක්‍රීඩා
Friday, 02 August 2024 09:13

පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන දෙවැනි දිනය වන අද (2 වැනිදා) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.15ට ඇරැඹෙන කාන්තා මීටර් 800 ඉසව්වේ සිව්වැනි තරගය සඳහා තරුෂි සහභාගී වනු ඇත.

තරුෂි මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්නා විට ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයේ පසු වූවාය. අද තරුෂි තරග වදින මූලික වටයේ හයවැනි තරගයේදී ඇයගේ ප්‍රතිවාදීන් වශයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ සිටින ජැමෙයිකානු ක්‍රීඩිකා නටෝයා ගුල්ද, 10 වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ ඇලී විල්සන්ද තරග වැදීමට නියමිතය. එමෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්හි 20 වැනි ස්ථානයේ රැඳී සිටින ස්විට්සර්ලන්තයේ ඕඩ්‍රි වේරෝ, 21වැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවේ ක්ලෝඩියා හොලින්ග්ස්වර්ත්, ලිතුවේනියාවේ ගබීජා ගැල්වඩයිට්, ඉතාලියේ එලේනා බෙලෝ සහ කෙන්යාවේ ලිලියන් ඔඩීරා තරුෂිගේ අනෙක් ප්‍රතිවාදීන් වනු ඇත.

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටය සඳහා අරුණ දර්ශන අනිද්දා (4 වැනිදා) තරග බිමට එක් වනු ඇත.

-P.M

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us