ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද

Published in ක්‍රීඩා
Friday, 19 July 2024 09:38

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ලේදී ආරම්භ වෙයි.

ඒ අනුව අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලින්ට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

2004 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2008 වසර දක්වා එක්දින තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර එය 2012 වසරේ සිට සංවිධාන කෙරෙන්නේ T20 තරගාවලියක් ලෙසය.

ඒ අනුව කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි.

අද සිට 28 වනදා දක්වා පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදී.

බී කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය හෙට (20) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us