පොහො­ට්ටුවේ හැමෝටම අතට එන්න පුළුවන් - අම­ර­වීර ගෙන් ඇරයුම්

Published in පුවත්
Friday, 02 August 2024 09:08

පොහො­ට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ගෙ­ද­රට පැමි­ණී­මට දොර­වල් විවෘත කර ඇති බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති මහින්ද අම­ර­වීර මහතා පැවැ­සීය.

සියලු පොහොට්ටු මන්ත්‍රී­ව­රුන්ගේ මහ­ගෙ­දර ශ්‍රීල­නි­පය බවත් දරු­වන් සුළු දේවල් නිසා අම­නාප වුවද මවු­පි­යන් මහ­ගෙ­දර දොර දරු­වන් වෙනු­වෙන් නිර­තු­රු­වම විවෘ­තව තබන බව ද අම­ර­වීර මහතා කීය.

ඇමැ­ති­ව­රයා මේ අද­හස් පළ කළේ ඊයේ (01) කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ පැවැති උත්ස­ව­ය­කදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද පැවැ­සීය.

“පොහොට්ටු මන්ත්‍රී­ව­රුන්ගේ මහ­ගෙ­දර ශ්‍රීල­නි­ප­යයි. දරුවෝ පොඩි පොඩි දේව­ල්ව­ලට තරහ වුණාට අම්මලා තාත්තලා මහ­ගෙ­දර දොර­වල් වහන්නේ නැහැනේ. ඒ වගේ පොහො­ට්ටුවේ සියලු දෙනාට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ­ගෙ­ද­රට එන්න අපි දොර­වල් විවෘත කර තිබෙ­නවා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පාර්ශ්ව කීප­යක් නෑ. ඒක පළ­මු­වෙ­නි­ය­ටම කියන්න ඕනෑ. නිල වශ­යෙන්ම අධි­ක­රණ තීන්දු සිය­ල්ලම අනුව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තිබෙන්නේ එක පාර්ශ්ව­යයි. ඒ අපේ පාර්ශ්වය. මම දැක්කා සම­හර මාධ්‍ය තමයි පාර්ශ්ව කියලා බෙදා තිබෙන්නේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us