subash

subash

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිදේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව අද (30)පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට ඊයේ (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ.

ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සංවිධානය කරමින් පවතින බව පොලීසිය පවසයි.

තමා සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද දින ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමට පෙර ජනාධිපති රනිල් එම පක්ෂයේ සහය ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබිණි. එම ඉල්ලීම පිලිනොගෙන පොහොට්‍ටු පක්ෂය තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයකු හෝ ඔවුන්ට හිතවාදියකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කළ ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද (29) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Connet With Us