ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 30 July 2024 10:02

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිදේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබ තිබේ.

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කෙරුණු

ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මේ අතර රාජ්‍ය - පෞද්ගලික ජාතික හවුල්කාරිත්ව නියෝජිතායතනය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය විසින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන් /ව්‍යාපෘති නිර්මාණය හා කළමනාකරණය කිරීම සම්බන්ධව ජාත්‍යන්තර ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමටත් එවැනි වැඩසටහන් හඳුනා ගනිමින් රාජ්‍ය ආයතන සමඟ සහයෝගීව එකී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.

එම නියෝජිතායතනය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාම සඳහා නෛතිකමය වලංගුභාවයක් ලබා දිය සමඟයුතු අතරම, අදාල හවුල්කාරිත්ව ගිවිසුම් සම්බන්ධයෙන්ද නෛතික රාමුවක් සකස් කළ යුතුව තිබෙන බව රජය කියයි.

ඒ අනුව එකී කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us