ආසියානු කිරුළේ ජයග්‍රාහිකාවන්⁣ට කෝටි 15 ක මුදල් තෑගි

Published in පුවත්
Tuesday, 30 July 2024 10:20

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 500,000 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සිදුකරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 

ඒ ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අගයමින්,

කණ්ඩායමේ කැපවීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාංගණයේදී පෙන්නුම් කළ නොපසුබට උත්සාහය අගය කරමින් ඊයේ(29) කොළඹදී පැවැති උපහාර පිරිනැමීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම චෙක්පත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තුට පිරිනැමීමට සිදු කෙරිිිණි

ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් ආඩම්බරයක් ගෙන දුන් මේ සුවිශේෂී ජයග්‍රහණය ලද ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම පිණිස පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ආසියානු කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද කටයුතු කළ රවීන් වික්‍රමරත්න යන අය  ද සහභාගීව සිටියහ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us