රනිල් අමාරුම කඩුල්ල පැන ගනී.. නාමල් වැල් පාලමෙන් බිමට Featured

Monday, 29 July 2024 21:36

පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද දින ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමට පෙර ජනාධිපති රනිල් එම පක්ෂයේ සහය ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබිණි. එම ඉල්ලීම පිලිනොගෙන පොහොට්‍ටු පක්ෂය තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයකු හෝ ඔවුන්ට හිතවාදියකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇත.

කෙසේ නමුත් පොදු ජන පෙරමුණට වත්මනෙහි දේශපාලනය කිරීමේ නිදහස අත්පත් වූයේ ජනාධිපති රනිල් රට බාරගෙන නීතිය හා සාමය ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සියලු පාර්ශ්වයන්ට දේශපාලනය කිරීමේ නිදහස සහතික කිරීම නිසාය.

අරගලය නමින් වූ ප්‍රචණ්ඩ ක්‍රියාදාමය තුල ජීවිත හානි දේපොල හානි සමඟ පොහොට්‍ටු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ සිට පාක්ෂිකයන් දක්වා දේශපාලනයෙහි යෙදීම අවදානම්කාරී තැනකට පත්ව තිබිණි. එසේම එම පක්ෂයටම ඡන්දය ප්‍රකාශ කළ පිරිස්වල විරෝධයන්ටද රාජපක්ෂ පවුල කෙරෙහි අප්‍රසාදයටත් පිළිකුලටත් භාජනය වීම සිදුව තිබිණි. ජාතික ජන බලවේගය වැනි පක්ෂයක් වෙත ඇදී ගිය සාතිශය බහුතර පොහොට්‍ටුව අත්හැරි පිරිසය.

කෙසේ නමුත් ජනාධිපති රනිල්ට දේශපාලනිකව එල්ල වූ බරපතල චෝදනාව වුයේ රාජපක්ෂවරුන් සමඟ ආණ්ඩු කිරීම ගැනය. රාජපක්ෂවරුන්ව ආරක්ෂා කරන බවටය. මේ තත්වයන් මත ඇතැම් එජාප පාක්ෂිකයන් පවා ජනාධිපති රනිල්ට සහය දීමෙන් වැලැකී සිටින තැනකට පත්ව තිබිණි.

එසේම විශේෂම කාරණය නම් පොහොට්‍ටුවම නියෝජනය කළ මැති ඇමැතිවරු ගනනාවක් පොහොට්‍ටුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන තැනට පත් වූයේ තව දුරටත් රාජපක්ෂ පවුලේ නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමිනි. කණ්ඩායම් කිහිපයකට වෙන් වූ මෙම කොටසේ බහුතරය නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ කණ්ඩායම් වල විශේෂම ඉල්ලීම වූයේ ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් රාජපක්ෂලාගෙන් වෙන් විය යුතු බවය. සහය ලබා නොගත යුතු බවය.

ඔවුන් දිගින් දිගටම රාජපක්ෂවරුන්ගේ සහය ලබා නොගත යුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටියේය. කෙසේ නමුත් ජනාධිපති රනිල්ගේ තීරණය වී තිබුණේ ද රාජපක්ෂවරු සමඟ මේ ගමන යෑම දුෂ්කර බවය. එනමුත් ආර්ථික අර්බුද හමුවේ රට ගොඩගැනීමේ කාර්යභාරයේදී ආණ්ඩුව පවත්වාගෙන යෑම අතිශය වැදගත් වී තිබු බැවින් එම සහය ලබා ගැනීම සිදුව තිබිණි.

කෙසේ නමුත් පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට සහභාගී වී සිටි 78 අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිට ඇත්තේ 16 දෙනෙකු පමණය. අනෙක් පිරිස එම පක්ෂයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් සහභාගී වුවන්ය. එම සහභාගී වූ පිරිස අතරිනුත් බහුතර මන්ත්‍රී පිරිස පක්ෂය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට විරුද්ධ වී ඇත. මේ අනුව පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු පිරිසකගේ සහය ජනාධිපතිවරයාට හිමිව ඇති බව පැහැදිලිය.

මේ අනුව මෙම වෙන්වීම ජනාධිපතිවරයාට පැනගත යුතුව තිබු කඩුල්ලක් පැන ගැනීමක්ද විය හැකිය. එමෙන්ම පොහොට්ටු පක්ෂය දෙකඩ කිරීමේ චෝදනාවද ජනාධිපතිවරයාට එල්ල කළ නොහැක. මන්ද එය මේ වන විට එම පක්ෂය විසින්ම ගෙන තිබෙන තීරණයක් වන නිසාය.

ඒ කෙසේ නමුත් නව තත්වයන් හමුවේ ජනාධිපතිවරණය තුළ සිදුවිය හැකි බවට අපේක්ෂා කළ දේශපාලන ස්වරූපයන් වෙනස් වෙනු ඇත. තුන් කොන් සටනක් දැන් සිව් කොන් සටනක් වෙනු ඇත. පොහොට්ටු පක්ෂය තුළ පවතින ඡන්ද පදනම සුළු කොට තැකිය නොහැකි අතර අනෙක් කණ්ඩායම් තුනටම අභියෝගයක් වීම නොවැලැක්විය හැකිය. මේ අනුව කිසිවකුට බහුතර බලයක් නොලැබෙන ඉතා ව්‍යාකූල ප්‍රතිපළයක් අපේක්ෂා කළ හැකි බව බැලු බැල්මට පෙනේ.

එහෙත් නව තත්වයන් තුළ මේ වන විට විවිධ පාර්ශ්ව වලට ගොනු වී සිටින පිරිස චලනය වීමක්ද සිදුවීම වෙනු ඇති අතර විශේෂයෙන්ම ජනාධිපතිවරයාට සහය දිය හැකි නමුත් රාජපක්ෂවරු නිසා පැමිණිය නොහැකි බවට තීන්දු තීරණ වල සිටි පිරිස් එම තීරණ වෙනස් කර ගන්නා තැනකට පත් විය හැකිය. ඒ අනුව රාජපක්ෂවරුන්ගේ වෙන් වීම ජනාධිපතිවරයාට වාසිදායක තත්වයක් බවට හරවා ගැනීමේ හැකියාවක් ඇත. එමෙන්ම රාජපක්ෂවරු ගත් තීරණය ඔවුන්ට පහසු නොවනුද ඇත. මුලිකවම ඔවුන් දේශපාලන බිමෙහි තනිවී සිටී. සතුරන් වැඩි කරගෙන ඇත. රජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් වීමක්ද විය හැකිය.

කෙසේ නමුත් මේ වන විට පවතින තත්වයන් හමුවේ පොහොට්ටු පක්ෂය නිල වශයෙන් ආණ්ඩුවෙන් වෙන් වීම සිදුවන තත්වයන් තුළ ආණ්ඩුවේ පැවැත්මද අභියෝගයට ලක් වීම සිදුවන අතර රට මේ වන විට යම් ස්ථාවරත්වයකට පත්ව තිබුණ ද මෙම මැතිවරණ ක්‍රියාදාමය හරහා නැවත දුෂ්කර පරිච්ඡේදයකට යොමු වීම වැලැක්විය නොහැකි වෙනු ඇත.

 

sj

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us