රනිල් අරගලය දිනෙව්වා ! සජිත්ට-අනුරට-කුමාර්ට බැරි වුණා Featured

Tuesday, 30 July 2024 13:45

රට තුළ ඇති වුණු ආර්ථික දේශපාලන අර්බුද වල ප්‍රතිපලයක් ලෙස පැන නැඟුණ 2022 ජන අරගලය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් සියල්ලම පාහේ මේ වන විට සම්පුර්ණ කිරීමට ජනාධිපතිවරයා සමත්ව තිබේ.

අරගලයේ මුලික ඉල්ලීම වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් ඉවත් කරවීම, අරගලයට එකුවූ සමස්ත ජනතාවට හැකි වූ නමුත් සෙසු ඉල්ලීම් ඉ‍ටු කිරීමේ හැකියාව නොතිබිණි. විශේෂයෙන්ම ගෝඨාභයව ඉවත් කිරීමෙන් පසු තත්වයන්ට විසඳුම් අරගලය හමුවෙ තිබුණේ නැත.

රාජපක්ෂවරුන්ගේ දේශපාලනික බලපෑමෙන් රට නිදහස් කරගැනීම, රට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම සහ ජරාජීර්ණය වූ සිස්ටම් එක චේන්ජ් කිරීමත් විය යුතුව තිබිණි. නමුත් ඒ මොහොතේ නිවැරදි නායකත්වයක් වැඩ පිළිවෙලක් නොමැතිව රට අරාජක වී දැවැන්ත විනාශයක් කරා ගමන් කරමින් තිබිණි. ඒ අනුව අරගලයේ ඉල්ලීම් ඉ‍ටු කිරීම වඩාත් සූක්ෂම දේශපාලනික ව්‍යාපෘතියක් හරහා සිදු විය යුතු සංකීර්ණ කටයුත්තක් බවට පත්ව තිබිණි.

පැවැති ගෝඨා පාලනය විසින් දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් රටට විසඳුම් අපේක්ෂාවෙන් එවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු පිරිසකට රාජ්‍ය පාලනයේ වගකීම භාර ගන්නා ලෙස දිගින් දිගටම ඇවිටිලි කළත් ඔවුන් එය භාර ගත්තේ නැත. සජිත්-අනුර දෙදෙනාම රාජපක්ෂ වරුන් සමග ආණ්ඩු කළ නොහැකි බවත් රට ගොඩනැගීම කළ නොහැකි බවත් කියමින් එය හිතා මතාම මඟ හැරියේය. එසේම ආර්ථික විශේෂඥවරුන්ගේ මත දැක්වීම අනුව ඒ මොහොතේ රට භාර ගැනීමට සජිත්-අනුර බය විය. ඔවුන් සතුව කිසිදු විසඳුමක් තිබුණේ නැත. ඊටත් වඩා ඔවුන් ජන අරගලයට කාටත් වඩා බිය විය.

එහෙත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහට ජනාධිපති ගෝඨාභය කළ ආරාධනාව අනුව ඔහු පළමු මොහොතේම එය භාර ගත්තේය. මෑතක දී ඔහු ඒ ගැන කියා තිබුණේ දේශපාලකයකුට දේශපාලන බලය ලැබෙන්නේ නම් එය මඟ නොහැර පළමු අවස්ථාවේම භාර ගැනීමේ දේශපාලනික ශක්තිය තිබිය යුතු බවත් තමන් එය කළ බවත්ය. නමුත් එවැනි හැකියාවක් තිබිය හැක්කේ දේශපාලනය යනු කුමක්ද යන්න ගැනවත් අවබෝධයක් සහ එහි සූර බව ඇතිනම් පමණි.

ඒ අනුව සජිත්ලාට අනුරලාට, රාජපක්ෂලා එක්ක බැහැයි කිව්ව කාර්යභාරය රනිල් විසින් සියලු තත්වයන් නිවැරදිව කළමණාකරණය කරමින් සාර්ථක කරගැනිමට සමත් විය. සජිත්ලාගේ අනුරලාගේ සහ රනිල් අතර වෙනස එයය. තමන්ට සෙල්ලම් කිරීමට හැකි වාසිදායක පිට්ටනි සහ දුර්වල ප්‍රතිවාදීන් සොයන්නේ ක්‍රීඩාවේ අතිශය දුර්වලයන්ය. අභියෝග භාර ගැනීමට බිය වන්නය.

රනිල් සෙල්ලම් කළේ තමන්ට අසීරුම පිට්ටනියකය. තමන්ට සහයෝගයක් අපේක්ෂා කළ නොහැකි කණ්ඩායමක් සහ ප්‍රේක්ෂකයන් සමඟය. තමන්ට බාධාකරන සතුරු ප්‍රතිවාදීන් රැසකගේ ක්‍රියාකාරකම් මැද්දකය. .එමෙන්ම ජය ගත යුතුව තිබු අභියෝගය මේ ලෝකයේ එසේ මෙසේ පුතයෙකුට කරන්න පුලුවන් තරමේ එකක් ද නොවුයේය. අවුරුදු දහයක් පහළොවක් යනකම් මොකුත් කරන්න වෙන්නේ නෑ කියා ආනාවැකි කිව් දැවැන්ත අර්බුදයක් ජය ගැනීමට ඔහුට සිදුව තිබිණි. නමුත් රනිල් ඊට බිය වූ‌යේ නැත. ඇඹරුණේ නැත. වෙන බයිලි කිව්වේ නැත. වෙන වටවංගු ගැහුවේ නැත. ඔහු කෙලින් කතා කළේය. ඇතත් ඇති සැටියෙන් කිව්වේය. කොන්ද පණ ඇතිව තීන්දු තීරණ ගත්තේය. ජාත්‍යන්තරය සමඟ ද හැප්පුනේය. අවසානයේ රට ගොඩ දමා පෙන්නුවේය. රටකට ඇවැසි නායකත්වය කියන්නේ එයටය.

වැදගත්ම දේ මේ සියලු දුෂ්කරතා අභියෝග මධ්‍යයේ වුව අරගලයේ ඉල්ලීම් එකින් එක දිනා දීමට ඔහු සමත් වීමය. රනිල් අගමැති ධුරය භාර ගත් සැනින් කීවේ අරගලය ආරක්ෂා කළ යුතු බවය. එනම් අරගලයෙ ඉල්ලීම් දිනවිය යුතු බවය.

රනිල් එය සිදු කළේ ප්‍රචණ්ඩව නොවේ. ලේ වැගිරීම් ජීවිත හානි කිසිවක් නොමැතිවය. ජනතාව පීඩාවට පත් වීමට ඉඩ නොදෙමිනි. රට අරාජකත්වයට පත් වෙන්න ඉඩ නොතබිණි. රටත් ජනතාවත් රැකගනිමින් මේ ප්‍රාතිහාර්‍යය පෑම ඔහු සිදු කළේ ඔහුගේ අසම සම දේශපාලන පරිචයේ මහිමය නිසාය.

ගාලු මුවදොර කෙන්ද්‍ර කර ගත් ජනඅරගලයේ ඉල්ලීම් ලෙස ඉදිරිපත්ව තිබු “ගාලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නම් ප්‍රකාශයනයේ අඩංගුව තිබුණේ ප්‍රධාන යෝජනා 08 කි. සහා ඒ යටතේ වූ තවත් ඉල්ලීම් රැසකි.

ඒ යටතේ සඳහන් ඉල්ලීම් වලින් විශාලම ප්‍රමාණයක් මේ වන විට ජනාධිපති රනිල් විසින් ඉ‍ටුකර අවසන් කර ඇත. එමෙන්ම තවදුරටත් සම්පූර්ණ නොවී පවතින ඉල්ලීම් වෙනුවෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදනයන් පැනවීම හෝ එ් සඳහා අවශ්ය අනෙක් කටයුතු සිදු කර ඇත.

ප්‍රධාන ඉල්ලීමක් වූ පාර්ලිමේන්තුවෙ සියලු පක්ෂ එකතු කරගත් අන්තර්වාර පාලනයක් ගොඩනැගිමට ජනාධිපති රනිල් විපක්ෂයට කළ ආරාධනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. සජිත්ලා අනුරලා එදා ඊට විරුද්ධ විය. එනමුත් එය අරගලයේ මුලික ඉල්ලීමකි. එසේ වූ නමුත් ජනාධිපති රනිල් සමස්ත පාර්ලිමේන්තුව තමන්ට අවශ්‍ය තත්තවයන් යටතට ගෙන කළමණාකරණය කරගනිමින් අන්තර වාර පාලනයකින් විය යුතු කරුණ කාරණා ඉටු කරගැනීමටද සමත් විය. විශේෂයෙන්ම ජනාධිපති රනිල් ප‍ටු පාර්ශ්වික දේශපාලන අවස්ථාවාදී උපක්‍රමයන් පාවිච්චි නොකර රට වෙනුවෙන් විවෘත්තව සහ අවංකව එම කටයුත්ත ඉටු කිරීම විශේෂ තත්වයකි.

ඒ අතර ජනපතිට එල්ලව තිබු ප්‍රධාන විවේචනයක් වූ රාජපක්ෂලා සමඟ ආණ්ඩු කිරීම ගැන චෝදනාවද වලංගු නැත. සමස්ථ පාලනය රනිල් අතට ගෙන ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. ජනාධිපති රනිල්ට, රාජපක්ෂවරු සමග දේශපාලන ඇයි හොඳයියක් හෝ ඔවුන්ව ආරක්ෂා කිරීමේ වුවමණාවක් තිබුනේ නැත. ඔහු අනෙක් සියලු ප්‍රශ්න රට වෙනුවෙන්, රට යළි ගොඩනැගුම වෙනුවෙන් තිබෙන වුවමණාවට යටපත් කර සියලු විවේචන මඩ අවලාද දරාගනිමින් මෙම ගෙවුනු අවුරුදු දෙක තුළ දී තමන් පවරාගත් අසීරු වගකීම ඉ‍ටු කර ඇත.

මේ කාර්යභාරය තුළ සිදු වූ තවත් වැදගත්ම දේවල් කිහිපයක් තිබේ. ඒ අතර මෙරට මුල් බැස ගෙන තිබු වාම-ජාතිකවාදී රාජපක්ෂ චින්තනය පරාජය කරනු ලැබීය. රාජපක්ෂ චින්තනයට පස මිතුරු වූ දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග රැසක් ඔහු ක්‍රියාත්මක කරනු ලැබීය. මේ ගැන පසුගිය දා නාමල් රාජපක්ෂ විසින් ද අවධාරණය කර තිබුණේ අපි කමැති නැති දේවල් විශාල ප්‍රමාණයක් මේ අවුරුදු දෙක තුළ දී ජනාධිපතිවරයා විසින් සිදු කළ බවය. ඊට ඔවුන්ට එකඟවන්නට සිදු තිබු බවය. එයින් ඔහු නොකියා කීවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් නැතිව අසරණව සිටි බවය. එපමණක් නොව එම පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ජනාධිපති රනිල්ගේ ලිබරල්වාදී මතය පිළිගත්තේ රාජපක්ෂවරුන් කර තබාගෙන පැමිණි වාම ජාතිකවාදී චින්තනය වැරදි බව කියමිනි.

අනෙක් කාරණය රාජපෂක්ෂවරුව දේශපාලනිකව පරාජය කිරීමත් සිදු විය. අද පොහොට්‍ටු පක්ෂයෙ බහුතරය ජනාධිපතිවරයා විසින් දිනාගෙන අවසන්ය. පොහොට්‍ටු පක්ෂය ලෙස ඉතිරිවව සිටින්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනාත් ඔවුන්ගේ සමීපයෙන්ම සිටි සහචර කණ්ඩායම පමණි. එ් අනුව රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යපෘතියත් පරාජය කර ඇත.

එමෙනම් රාජපක්ෂවරුන්ගේ අනාගත දේශපාලනික පැවැත්මද ජනාධිපති රනිල් එළැඹෙන ජනාධිපතිවරණයෙන් සහ අනෙක් මැතිවරණ වලදී අවසන් කරනු ඇත. එය මේ වන විට රාජපක්ෂවරුන්ටම තීරණය කිරීමට අවශ්‍ය තත්වයන් ජනාධිපති රනිල් සිදු කර අවසන්ය.

මේ අනුව ගාලු මුවදොර අරගලය අපේක්ෂා කළ ජයග්‍රහණ මේ වන විට තහවුරු කිරීමට ජනාධිපති රනිල් සමත්ව ඇති බව පැහැදිලිය.

මේ යුග කර්තව්‍යය කිරීමට සජිත්ට අනුරට හෝ කුමාර්ට නොහැකි විය. ඔවුන් එම අභියෝගය භාර ගත්තේ නැත. අරගලයට ද්‍රෝහී විය. ජනතාවට ද්‍රෝහී විය. රටට ද්‍රෝහී විය.

කෙසේ නමුත් රනිල් අරගලය දිනවන බවට විශ්වාසය මේ රටේ ජනතාවටද තිබීම මෙම කාර්ය සාර්ථකව අවසන් කිරීමට රනිල්ට තිබු විශාලම ශක්තියය විය. අරගලය ඉදිරියට මෙහෙය වීමේ නායකත්වය රනිල්ට පවරාගත්තා පමණක් නොව එය ජනතාව පිළිගත්තේය.

සජිත්ලා අනුරලා අරගලය මෙහෙයවීමේ නායකත්වය ගැනීමට වලි කෑවද ජනතාව එයට ඉඩ දුන්නේ නැත. ඔවුන්ට අරගල භූමියට ඇතුවන්නටද ඉඩ නොදුන්නේය. පහර දී එළවා දැමීය. කුමාර් ගුණරත්නම්ලා අරගලය තමන් සන්තකයට ගැනීමට ගත් උත්සාහයද ජනතාව විසින් පරාජය කරන ලදී. රනිල් අගමැති වූ සැනින් ජනතාව අරගල භූමියෙන් ඉවත්ව ගියේ ඒ නිසාය. අවසානයේ ගාලු මුවදොර පිටියේ ඉතිරි වූයේ කුමාර්ලාගේ කූඩාරම් කිහිපය පමණක් වීමෙන් එය ද තහවුරු විය. ජනතා සහය නැති තැන, ඔවුන්ද ඒවා හකුලා ගනු ලැබීය. රනිල් ගැන විශ්වාසය සමස්ත ජනතාව තුළ තිබිණි. දේශපාලනිකව විරුද්ධ මතයක් දැරුවත් රනිල් ගේමක් ගහලා මේක ගොඩ දමන බවට විශ්වාසය තිබිණි. ඒ අනුව රනිල් තමන් කෙරෙහි වූ විශ්වාසය මේ දක්වා තහවුරු කිරීමට සමත්ව ඇත.

මේ අනුව අරගලයේ නායකත්වය රනිල් ගත්තා පමණක් නොව එය ජයග්‍රහණයෙන් කෙළවර කරවීම, යුගයේ ශ්‍රේෂ්ඨතම කර්තව්‍යය ලෙස ද ඉතිහාස ගත වනු ඇත. රට ඉදිරියට යායුත්තෙත් එවැනි විශිෂ්ට දේශපාලන නායකත්වයක් සමඟ මිස විහිළු කාරයන්, බොරුකාරයන්, කයිවාරු කාරයන්, බිහිසුල්ලන් සමඟ නොවන බවත් පැහැදිලිය.. 

 

“ගාලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය”

 

 

lipi 1

lipi 3

lipi 4

 

 

- සුජය

 

 

 

Last modified on Tuesday, 30 July 2024 14:08

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us