subash
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතවේ.
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස වගකීම් භාර ගැනීම ගැන ඉන්දියාව සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
මනුෂ සහ හරින්ගෙ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නිත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය
අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යායුතුයි - නැතිනම් දැඩි දඩුවම්
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යා යුතු බවට ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබෙනවා.
රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙයි.
Donald Trump සහ Kamala Harris අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා
අමෙරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලාල්කාන්ත වහා අත්අඩංගුවට ගන්නැයි සමගි නීතිඥ සංගමයෙන් පැමිණිලි
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි.
