subash
අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රු.109 යි
එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් එකසිය අසූ හය කෝටි දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක මුදලක් වියදම් කළ හැකි බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 778 කට අයත් පුද්ගලයින් 2872 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
ඇතැම් ප්‍රදේශවලට අද මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයක්
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විපක්ෂය උගුලක. IMF කොන්දේසි වෙනස් කොළොත් රාජ්‍ය සේවකයන්ට වැඩි පඩි නැහැ.
රාජ්‍ය සේවකයන්ට 2025 සිට වැටුප් වැඩි වෙන්නෙ IMF ගිවිසුම අනුව බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන මත වසර තුනක් පුරා ක්‍රියාත්මක වන පරිදි, සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් වසර තුනක් පුරා නොකඩවා ලබා දෙන බවත්, පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකුට අවම වැටුපක් ලෙස රුපියල් 55,000ක් හෝ ඊට වැඩි මුදලක් ලබා දෙන බවත්, මූලික වැටුප 24%-35% අතර ප්‍රමාණයකින් වැඩි කරන බවත්, 2025, 2026, 2027 වර්ෂ සඳහා මුදල් ප්‍රතිපාදන (IMF) මගින් සපයන බවත් බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
චම්පික අගමැති වෙන ආණ්ඩුවකින් සුළු ජන කොටස් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?
සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් උර දෙකම දී සිටින චම්පික රණවක ඒ වෙනුවෙන් අත්පත් කර ගන්නා ලාබය අගමැති තනතුර බව චම්පිකට සමීප ආරංචි මාර්ග පවසයි.
බටහිර තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට අපොහොසත් -ජනපති
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෝඨාට වඩා හොඳටම අනුර කරන්න හදයි
.''වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරල ජනතාවට සතුටින් වැඩ කළ හැකි පරිසරයක් අපි නිර්මාණය කරනව. ජනතාව ඉහළ නංවනව.
තීරණාත්මක ශ්‍රී ලංකා - අයර්ලන්ත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
