subash
යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
සූර්යයා අද (28) සිට දිවයිනට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රනිල්ගේ ජනපති අපේක්ෂකත්වය අහෝසි කරන්න හැදු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා..
අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි සහභාගිත්වය - සාගල රත්නායක
අධ්‍යාපන පරිවර්තනයක් උදෙසා පුරවැසි මුලපිරීම ( Citizens Initiative for Transforming Education-CITE) නමින් වූ සංවිධානයක් විසින් අධ්‍යාපන පරිවර්තනය සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවන් කිහිපයක් පසුගියදා අහන්න ලැබුණා.
සජිත් ආවොත් නැවත රට අරාජික වෙනවා. රිෂාඩ් ගත් තීරණයට පක්ෂයේ ජාතික සංවිධායකත් එරෙහි වෙයි.
රිෂාඩ් බද්යූදීන් ගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා පියතුමා, මහ ලේකම් දොන් ඇන්ටනී ජයකොඩි පියතුමා ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ.
ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි.
E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණ නිරික්ෂණයට රටවල් 12ක නියෝජිතයින්ට ඇරයුම්
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
