subash
ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද(02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(02) එළි දැක්වීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුමන්තිරන්ගේ ප්‍රකාශය පක්ෂයේ තීරණයක් නෙවෙයි - මාවෙයි සේනාධිරාජා
වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
ජනප්රියවාදයට වඩා ඉදිරිගාමී සීතීමක් - සාගල රත්නායක
ජනතාව වඩාත් ප‍්‍රිය කරන අදහස් එක්ක දේශපාලනය කරන එක අපහසු නැහැ. සාමාන්‍යයෙන් සමාජය මුහුණ දෙන සංවේදී ගැටලූ වලට ජන කොටස් අපේක්ෂා කරන උත්තර තියෙනවා. ජනතාවගේ පැත්තෙන් ඒවා සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ ගැටලූ විසඳීම ඒ ජන කොටස් අපේක්ෂා කරන විදිහෙන්ම රජයකට කරන්න බැහැ.
රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ? (අවුරුදු 76 මොනවද කළේ? 1 කොටස)
මේ රට බ්‍රිතාන්‍ය යටත් විජිත භාවයෙන් නිදහස් වෙලා දැන් අවුරුදු 76 ත් පැනලා තියෙන්නේ. මේ 76 ඇතුළේ රටේ දේවල් හැම දෙයක්ම සිදු වුණේ, පුරවැසියන් වුණ, අපි පත්කරගත්ත පාලකයන්ගෙත් සහ ඡන්ද දායකයන් වුණු අපෙත් දේශපාලනික කැමැත්ත උඩ. ගොඩක් දේවල් මේ කාලය තුළ සිදුවුණා. නිවැරදි දේවල් වගේම වැරදි දේවල් වුණා. ජයග‍්‍රහණයන් වගේම පරාජයන් තිබුණා.
රනිල්ගෙන් වැඩක් නැහැ..අපිට ඕන අපේ එකා දිනන්න, ඒත් මේ ඒ වෙලාව නෙවෙයි.
ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ තීරණාත්මක මැතිවරණය. තෝරාපත් කරගන්න ජනාධිපතිවරයාගේ කියුම් කෙරුම් අනුව අනාගතය තීරණය වෙනවා. ඔහුගේ කණ්ඩායමේ කවුරු හිටියත් ඒක වැදගත් වෙන්නේ නැහැ. මේ අනාගතය කියන්නේ ඔහු ධුරය හොබවන අවුරුදු 5 ගැනත් නෙවෙයි..සමහර විට දශක ගනනාවක් ඉදිරියට අනාගත කාලයක් වෙන්න පුළුවන්.
ඉතියෝපියාවෙන් කෝටිපතියන් ගෙනවිත් ලංකාවේ පාසල් වල සුහුරු පන්ති කාමර හදනවා යැයි බබ්බු වගේ කතන්දර කියන සජිත් ප්‍රේමදාස වැනි අය රටේ නායකත්වයට නොව ඇමතිකමකටවත් සුදුසු දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජා ඇල දී ප්‍රශ්න කළේය.
නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමට කතිකාවක් - ජනපති
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා පැවසීය.
ථේරවාද වෙළඳ ආර්ථිකය ගැන රනිල් කිව්වේ බොරුවක් ද? මෙන්න ඇත්ත
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වශයෙන් දක්වා ඇත්තේ, ථේරවාද වෙළඳ ආර්ථිකය යන්නය. මෙය මීට කලින් අසා නැති සංකල්පයකි. මේ නිසා නොදන්නා දෙයට නොතේරෙන දෙයට උසුළු විසුළු කරමින් යන අය සමාජ මාධ්‍ය තුළ දකින්නට ඇත.
