subash

subash

ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට‍ විවෘත කිරීමට ජපානය එකග වී තිබේ.

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි.

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය 200/2, පාලම උඩ අද (30) අළුයම 4.00ට පමණ සිදුවු බස් රථ අනතුරකින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

අද(30) සහ හෙට(31) දිනයේත් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දී තිබේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයන් සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත් වීමේ දැඩි අවධානමක් ඇතැයි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ මාලිගාකන්ඳ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවේ ය.

නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Connet With Us