සජිත් බබා ගේ සුහුරු පන්ති කාමර ගැන රනිල් කතා කරයි.

Published in පුවත්
Friday, 30 August 2024 20:18

ඉතියෝපියාවෙන් කෝටිපතියන් ගෙනවිත් ලංකාවේ පාසල් වල සුහුරු පන්ති කාමර හදනවා යැයි බබ්බු වගේ කතන්දර කියන සජිත් ප්‍රේමදාස වැනි අය රටේ නායකත්වයට නොව ඇමතිකමකටවත් සුදුසු දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජා ඇල දී ප්‍රශ්න කළේය.

ලෝකේ ඉන්න කෝටිපතියන් සල්ලි ඔළුව උඩ තියාගෙන අපේ රටේ පාසල් දියුණු කරන්නට ඒවිදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ලංකාවේ දේශපාලනයේ ඇත්ත කතා කරන්නේ කවුද? ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ කවුදැයි සිතා බලා තීරණ නොගත්තොත් රට යළි ගොඩ ගත නොහැකි අගාධයකට ඇද වැටෙන බව සඳහන් කළේය.

"පාසල් දස දහසටම සුහුරු පන්ති කාමර ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.ලෝකෙ වටේම කෝටිපතියන් දස දහසක් හොයාගෙන ඒ අයට පාසල බැගින් භාර දෙන බව සජිත් ප්‍රේමදාස පැවසුවා. මං අහන්නේ රුමේනියාවේ ඉන්න කෝටිපතියා රාගම පාසල භාර ගන්නවද?

ආජන්ටිනාවේ ඉන්න කෝටිපතියා ගල්ගමුවේ ඉස්කෝලෙ භාර ගන්නවද ?ඒ රටත් දැන් වැටිලා.කෝටිපතියෝ දහදාහක් අරගෙන බාර ගන්නවලු. මේක කරන්න පුළුවන් වැඩක්ද? පාසල් දස දහසේ පන්ති කාමර කීයක් තිබෙනවාද? පන්ති කාමර ලක්ෂයක් විතර ඇති.ලෝකෙ ඉන්න කෝටිපතියෝ සල්ලි අරගෙන ඔළුව උඩ තියාගෙන අපේ ඉස්කෝල දියුණු කරන්න ඒවිද? ඔහොම මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්ද? මොකක්ද මේ .බබ්බු කියලා හිතනවද?

අපේ තානාපතිවරුන්ට මේ කෝටිපතියන් හොයාගෙන එන්න කියනවලු .නැත්නම් ඒ අය ඉවත් කරනවාලු. අපිට තානාපති කාර්යාල පනහක් වත් නැහැ.ඉතියෝපියාවෙන් කෝටිපතියන් හොයන්නද කියන්නේ.කියුබාවේ කෝටිපතියො ඉන්නවද? ක්‍රැස්තෝ කෝටිපතියෝ හැදුවේ නැහැ. කෝටිපතියො නැති කළා.

හරි කැලිෆෝනියාවට ගිහින් වැලිමඩ ඉස්කෝලේ හදන්න කියලා කෝටිපතියකුට කතා කළා කියමු. එයා කුණුහරුප නොකියාවි කියලා ඔබ හිතනවද?

රටේ ජනතාවට මෙවැනි බොරු කතා කියන්නේ ඇයි? මෙවැනි පුද්ගලයෙක් ඇමතිකමක් කරන්නවත් සුදුසුද?මේ අය හිතන්නේ බබ්බු වගේ.

එයා හිතන්නේ අප වීසා සහනය ලබා දුන් නිසා මේ ඔක්කොම ලංකාවට ඒවි කියලා. 2022 වසරේ ආණ්ඩුව බාරගෙන මොහු හැඟුණේ ඇයිද කියලා දැන් අපට තේරුම් ගන්න පුළුවන්.

ඒ නිසා ලංකාවේ දේශපාලනයේ ඇත්ත කතා කරන්නේ කවුද? ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ කවුද? කියා තේරුම් ගන්නැයි " ජා ඇළ පැවති "පුළුවන් ශ්‍රී ලංකා" ජනරැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Last modified on Friday, 30 August 2024 20:57

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us