සජිත්‌ ආවොත්‌ නැවත රට අරාජික වෙනවා. රිෂාඩ් ගත් තීරණයට පක්ෂයේ ජාතික සංවිධායකත් එරෙහි වෙයි.

Published in පුවත්
Sunday, 25 August 2024 11:54

රිෂාඩ්‌ බද්යූදීන්‌ ගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්‌ තමන්‌ එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ්‌ අබ්දුල්ලා මහරුප්‌ මහතා පැවසීය.

ඔහු මෙසේ ද පැවැසීය. 'තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්‌ බද්යූදීන්‌ මහතාට දැනුම්‌ දුන්නා. මෙම තීරණය අලුත්‌ දෙයක්‌ නොවෙයි. 'තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත්‌ ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කිරීමට පෙර මෙම දැනුම්‌ දීම සිදුකළ බව ද ජාතික සංවිධායකවරයා කීහ.

මගේ ආධාරකරුවන්‌ සීයට අනූපහක්‌ මාස හයක්‌ තිස්සේ කියනවා ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඕන කියලා.
එහෙම තියෙද්දි මම කොහොමද සජිත්‌ ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ. අනික්‌ එක අපි බලන්න ඕන ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබුණු වෙලාවේ තෙල්‌ පෝලිම්‌ සහ ගෑස්‌ පෝලිම්‌ යුගය නැති කරලා රට ගොඩ ගත්තේ කවුද කියලා ඒ අර්බුදයට අපි ආයි යනවද කියන එක අපි බලන්න ඕන.

සජිත්ට සහාය පළ කරලා සජිත්‌ බලයට ආවොත්‌ නැවත වෙන්නේ රට ආර්ථික වශයෙන්‌ අරාජික වෙන එක විතරයි යැයි ජාතික සංවිධායකවරයා තවදුරටත්‌ පැවසීය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us