චම්පික අගමැති වෙන ආණ්ඩුවකින් සුළු ජන කොටස් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ? Featured

Sunday, 18 August 2024 20:33

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් උර දෙකම දී සිටින චම්පික රණවක ඒ වෙනුවෙන් අත්පත් කර ගන්නා ලාබය අගමැති තනතුර බව චම්පිකට සමීප ආරංචි මාර්ග පවසයි.

ඒ කෙසේ නමුත් දේශපාලන ඔ්පා දූප වලට අනුව චම්පිකට විදුලි බල හා බලශක්ති ඇමැති ධුරය හිමි වීමට නියමිතය. කොහොම නමුත් මේ වන විට චම්පික විසින් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට අරගෙන කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් විශාල වන්දියක් අපේක්ෂා කරන බවත් පෙනෙන්නට තිබේ.

චම්පික යනු මෙරට දේශපාලනය තුළ කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි හා ගුණමකු කුහක දේශපාලනයක යෙදෙන්නකු බව ප්‍රකටය. ඒ ඔහුගේ ජාතිවාදී ආගම්වාදී මජර ප්‍රතිපත්තින් වලට අමතරවය. චම්පික යනු කිසිදු ජනපදනමක් නොමැති නිතරම අනුන්ගේ ජන පදනමක් කොල්ල කමින් දේශපාලනයේ යෙදෙන දේශපාලන සූදු කරුවෙක් බව ඔහුගේ දේශපාලන ඉතිහාසය පරික්ෂා කිරීමෙන් පැහැදිලි කර ගත හැකිය.

ඒ කොහොම නමුත් මේ වන විට චම්පික, සජිත් වෙනුවෙන් පෙනී සිටී. එය ගැටළුවක් නැත. දේශපාලනයේ දී අනාථයෙකු වූ පසුව තමන්ට ගොඩ යන්න පුළුවන් තැනක එල්ලීමේ වැරැද්දක් නැත. සජිත් ප්‍රේමදාස, තමන්ගේ ප්‍රධානතම හවුල් කරුවකු ලෙස චම්පිකව පත් කර ගැනීමත් ගැටළුවක් නැත. මන්ද සජිත් සිටින්නේ දේශපාලනිකව මරාගෙන මැරෙන මෙහෙයුමකය. ඔහු සිටින්නේ මෙවර ජයග්‍රහණයක් අත්පත් කර නොගත්තොත් තමන්ගේ දේශපාලනය අවසන් කිරීමට වන තත්වයකයි. ඒ් නිසා කවර කොන්දේසියකට යටත් වී, කවර මිළක් ගෙවා හෝ තමන්ට කවර පාර්ශ්වයකින් හෝ සහය ලබා ගැනීමට සජිත්ට සිදුව ඇත.

එහෙත් මේ වෙද්දි තිබෙන ගැටළුව සජිත් ජනතාවට දෙන කප්පරක් පොරොන්දු සහ ඔහු එකතු කරගන්නා බලවේග වල වුවමණාවන් නොපෑහීමය.
විශේෂයෙන්ම සිංහල බෞද්ධ නොවන ජන කොටස් වලට ලබා දී තිබෙන පොරොන්දු සහ ඔහුගේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන සගයන්ගේ වුමණාවන් සහ පැටිකිරිය නොගැලපේ.

සජිත්ගේ ප්‍රධාන පොරාන්දුවක් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වුන්ට දඬුවම් කරන බවය. අගතියට පත් වූවන්ට සාධාරණයක් කරන බවය. මේ කතෝලික ප්‍රජාවගේ ඡන්ද ගොඩ බලාගෙන දුන් පොරොන්දුවකි.

නමුත් චම්පික රණවක, චන්න ජයසුමන, නාලක ගොඩහේවා වැනි ජාතිවාදය කර ගහගෙන දේශපාලනය කළ පිරිස් සමඟ සජිත්ට අන්‍යය ජන කොටස් වල වුවමණාවන් දිනවිය හැකිද? දෙමළ මුස්ලිම් විරෝධි, ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි විරෝධීන් සමඟ අන්‍ය ජන කොටස් වල අයිතීන් දිනා දිය හැකි ද?

චම්පික රණවකගේ භාවිතාව ගැන පසුගියදා ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන උවිදු කුලකුරුසූරිය ෆේස් බුක් සටහනක් දමා තිබිණි. එහි එක් තැනක මෙසේ සඳහන් විය.

 ''...ක්‍රිස්තියානි, කතෝලික​, රෙපරමදු, ඉවැන්ජලික පල්ලි එකසිය විසිගානකටද​, හතලිස් ගානකටද කොහෙද බෝම්බ ගහල ක්‍රිස්තියානි භක්තිකයින් තුල භීෂණය වැපුරුවේ ඔයා. ඒවට නායකත්වය දුන්නෙ ඔයා. ඒත් පොලිසියට රඹෑවෙදි අත් බෝම්බ​, පෙට්‍රල් බෝම්බ එක්ක පල්ලියකට ගහල එනකොට පොලිසියට අහුවුනේ ඔයාගෙ ඇම්බැට්ටයෝ. හෝමාගම කටුවන පල්ලියට බෝම්බ ගහල​, ගිනි තිබ්බම​, පොලිස් පරීක්‍ෂණ පවත්වන කොට​, පොලිස් බල්ල කෙලින්ම ගියේ ඔයාගෙ සංවිධායක අජිත් සේනානයකගෙ ගෙදරට​. මතක ඇති ඒව​. මම ඔය ගිනි තියපු පල්ලි එකසිය ගානම වෙන වෙනම දත්ත එක්ක වාර්තාවක් ලිව්ව​. ඒ දවස්වල පත්තරේටත් ලිව්ව​. එවකට හිටපු චන්ද්‍රිකාගෙ ආරක්‍ෂ අමාත්‍යාංශයේ ලේක්ම්ටත් තවත් අයටත් මට මේ ගැන බ්‍රීෆ් කරන්න කිව්වම මම ගිහින් දත්ත දින එක්ක දුන්න කතාව​. එහෙමයි ඔය වැඩ නැවැත්තුවේ. ඔයා පෙන්නන හැදුවෙ අන්‍යාගම්කරණයට විරුද්ධව කුපිත වූ ගම්වල මහජනයා ඒව කරන්නෙ කියල​. නැහැ. රාත්‍රියට ගිහින් ඒව විනාශ කලේ ඔයා පිටින් යවපු ඔයාගෙ ත්‍රස්තවාදියො. ඒව ඔක්කොම කලේ ඔයාට පාර්ලිමේන්තු එන්න​....''

සුළු ජන කොටස් වල ඡන්ද කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා සිටින සජිත්ට, ජාතිවාදී චම්පිකලා වැනි පිරිස් ඉදිරි පෙළ තබාගෙන ගොස් ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීම කළ හැකි බව පැවැසිය හැකිද ? චම්පිකට මේ සුළු ජන කොටස් වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය හැකිද? 13 වන සංශෝධනයට චම්පික එකහෙළාම විරුද්ධය. සජිත් විරුද්ධ නැත. චම්පික හලාල් විරෝධියෙකි. සජිත් හලාල් විරෝධියෙක් නොවේ. ඒ වගේම මුස්ලිම් හා දෙමළ ජන කොටස් මූලික කරගත් දේශපාලන පක්ෂ ගනනාවක් ද සජිත් තමන්ගේ සහයට කවර හෝ කොන්දේසි පොරොන්දු මත එකතු කරගෙනද තිබේ. මේ අයට චම්පිකලා සමඟ එක පෙළට සිට ගැනීමටද සිදුව ඇත. මේ අයට තමන්ගේ පාක්ෂිකයාට සජිත්, තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරන බව පැවැසිය හැකිද? චම්පිකලා ජයසුමනලා බලවත් ආණ්ඩුවකින් තමන්ගේ අයිතිවාසිකම් ලැබෙන බව පැවැසිය හැකිද? සත්‍ය ලෙසම එසේ කළ නොහැකිය.

මේ අනුව මේ සියළු දෙනා සිදු කරන්නේ තමන්ගේ දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් පාහර ලෙස තමන්ගේ පාක්ෂික ජනතාව රැවැටීමය. සිංහල දෙමළ මුස්ලිම් කිසිදු බෙදුමකින් තොරව ආගමික භේදයකින් තොරව මේ දේශපාලන තක්කඩියන් සියළු දෙනා රැවැටීමය.

මේ පාහර දේශපාලනය පැරැදවීම විය යුත්තකි. හැමදාමත් මේ අය සිදු කළ මේ පාහර මජර දේශපාලනය නිසා හැමදාමත් අගතියට පත් වූයේ සියළු ජනතාවය. දැන එය ඇතිය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us