ආර්ථික අර්බුදයකට පෙර දේශපාලන අර්බුදයක්..ලංකාව යළි මහා ඛේදවාචකයක් පා මුළ!   Featured

Sunday, 18 August 2024 14:32

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් සිව් දෙනෙකු අතර තරගය වඩා තිව්ර වෙමින් තිබේ.

මේ අනුව බහුතරයක් දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ මෙම අපේක්ෂකයන් වෙත සමස්ත ඡන්ද ප්‍රමාණය බෙදී යෑම තුළ මෙවර ජනාධිපතිවරණයේ කිසිදු අපේක්ෂකයකුටත් සියයට පනහ ඉක්මවා බහුතරය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වන බවය. බොහෝ විට බහුතරය ලබා ගන්නා අපේක්ෂකයා ද සියයට 30 ක පමණ සීමාවක නතරවෙනු ඇති බවත් උපකල්පනයන් තිබේ.

එය මේ වන විට විවිධ පාර්ශ්ව විසින් සිදු කරමින් පවතින මැතිවරණ සමීක්ෂණ වලින්ද පැහැදිලි වේ. මේ අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම මුල් වටයේදී කළ නොහැකි වුවත් දෙවන තුන්වන මනාප ගැනීම මඟින් තීරණය වනු ඇත. දෙවන තෙවන මනාප ගනන් කිරීමේ දී ඒ අනුව වැඩි ඡන්ද ලබන්නාට ජනාධිපතිවරයා විය හැකිය.

නමුත් එම ජනාධිපතිවරයා පැහැදිලි ජනවරමක් නොමැති ජනාධිපතිවරයකු බවට පත් වෙනවා සේම එලෙස ලබන ජයග්‍රහණය උත්කර්ෂයට නංවමින් ජයග්‍රාහකයාට සංදර්ශන පෙන්වීමට ද නොහැකි තත්වයකට ඇද දමයි. එය පැහැදිලිවම දේශපාලනික වශයෙන් ලබන පරාජයක්ද වෙනු ඇත.

ගැටලුව පැන නගින්නෙ ඉන් අනතුරුවය. ජනාධිපතිධුරයට පත් වන්නා කවරකු වුවත් ඔහු තමන්ගේ පාලනයට යටත් ආණ්ඩුව පවත්වා ගෙන යෑම සිදු කළ යුතුය. එ් සඳහා තමන්ට පක්ෂපාත පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ අනුව අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීම විය යුතුය.

සජබය හෝ ජාජබය තමන්ගෙ ජනාධිපතිවරයා පත් වූ සැනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවා අලුත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගන්නා බව කියයි. එය නිවැරදිය. මන්ද වත්මන් පාර්ලිමේන්තුවේ සහයක් ඔවුන්ට කිසිසේත් නොමැති බැවිනි. එ් අනුව තවත් මාස දෙකක පමණ කාලයක් මෙරට ජනතාවට මැතිවරණ සමග ජීවත් වීමට සිදුවේ.

මැතිවරණ නිසා වෙන පාඩුව

ජනාධිපතිවරණය නිසා රජය ක්‍රියාත්මක කරමින් තිබෙන බොහෝ සංවර්ධන වැඩසටහන් අතරමඟ නවතා ඇති අතරම රජයේ සාමාන්‍ය වැඩ කටයුතු පවා යම් තරමකට අඩ පණ වෙමින් තිබේ. රජය මහ ජනතාව වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ප්‍රමාද වෙමින් ද තිබේ.

එසේම මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද ඔවුන් ශ්‍රි ලංකාව සමඟ කරන වැඩසටහනේ ඉදිරි කටයුතු මැතිවරණයෙන් පසුවට කල් දමා ඇත. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මෙරටට ආධාර ලබා ගැනීම වැනි ජාත්‍යන්තරය සමඟ සිදු කරමින් පැවැති අනෙක් සාකච්ඡාවෙන් ද අතරමඟ නැවැතීමකට ලක්ව ඇත. මේ අනුව යම් ප්‍රමාදයකට පත්ව තිබෙන සියලු ක්‍රියාමාර්ග මහ මැතිවරණයක් කැඳවීම සමඟ තවත් මාස කිහිපයකට කල් යනු ඇත. ඒ ප්‍රමාදයන් නිසා පීඩාවට පත් වන්නේ ජනතාවය.

එමෙන්ම නව පාලනයක් ඇති වී, පත්කරන නව ප්‍රධානින් නිලධාරීන් සමඟ රාජ්‍ය පාලනයට අදාල කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමටත් තවත් කාලයක් යනු ඇත. විශේෂයෙන්ම අනුර වැන්නකු බලයට පැමිණියහොත් තත්වයන් වඩාත් බරපතල වෙනු ඇත. මන්ද රාජ්‍ය පාලනය ගැන කිසිවක් නොදන්නා අනුරත්, මහ මැතිවරණයෙන් බලයට පත්වන ඔවුන්ගේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටත් ආණ්ඩුකරණය ගැන අවබෝධයක් නැත. ඒ මුල සිට ඉගෙන ගැනීමට සිදු වෙනු ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම වඩා බරපතල ගැටළුවක් වෙනු ඇත.

එසේම ඔවුන් දරණ දේශපාලන ආර්ථික මතවාදයන් සහ මැතිවරණ පොරොන්දු අනුව මෙතෙක් පවත්වා ගෙන ආ ක්‍රමවේදයෙන් වෙනස් කිරීමත් ඔවුන්ට සිදු කිරීමට වීම තුළ බොහෝ කාලයක් යන තුරු රජයේ කටයුතු නියමාකාරයෙන් විධිමත්ව සිදු නොවනු ඇත. නමුත් ජනතාව හමුවේ ඔවුන් දී ඇති පොරොන්දු කන්දරාවේ හැටියට පැය 24 න්, සතියෙන් දෙකෙන් ඉටු කළ යුතු දේත් බොහෝය. කඩිනමින් ඒ සිදු නොවුණහොත් ජනාතාව නොසන්සුන් වීමත් බලාපොරොත්තු විය යුතුය. විපක්ෂ කණ්ඩායම් මේ අවස්ථා තමන්ගේ දේශපාලනික් වුවමණාවන් වෙනුවෙන් පහසුවෙන් යොදා ගැනීම සිදු වන අතර බොහෝ විට රාජ්‍ය පාලනයට පෙර මර්දනය ඉදිරියට ගැනීමට අනුර පාලනයට සිදු විය හැකිය.

කොහොම නමුත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා අනුව සිදු විය හැකි දේවල් වෙනස් සහ අවිනිශ්චිත ස්වරූපයක් ගැනීම වෙයි.

රනිල්ට පුළුවන් වුණොත්

යම් ලෙසකින් ජනාධිපති රනිල්ම බලයට පත් වුවහොත් පැන නැඟිය හැකි ගැටලු අතිශය අවම වෙනු ඇත.

ඔහු දැනට සිදු කරමින් පවතින ආර්ථික දේශපාලනික ප්‍රතිසංස්කරණයන් අනුව එහි බරපතල වෙනස් කම් කිසිවක් නොවී මෙම පාලනය තවදුරටත් නියමිත පාර්ලිමේන්තු කාලය දක්වා පවතිනු ඇත, මේ වන විට ආණ්ඩු පක්ෂයේ බහුතරය නියෝජනය වන පොදු ජන පෙරමුණෙහි දෙකඩ වීමක් සිදුව ඇති නමුදු ජනපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසුව එහි බහුතරකගේ සහයත් සමගි ජන බලවේගයේ තවත් බහුතරයකගේ සහයත් ජනාධිපතිවරයාටට ලබා ගැනීම අපහසු නොවේ. එ් අනුව රටේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වයට හානියක් නොවී මෙතෙක් කරගෙන පැමිණි වැඩ සටහන් ඉදිරියටත් වඩා ශක්තිමත්ව ගෙන යෑම සිදු කළ හැකිය. ඒ අනුව දැනට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන පරිදි 2025 ජනවාරියේ සිට වන රාජ්‍ය සේවා වැටුමප් වර්ධනය ආදී පොදු ජන යහපත පිණිස වන ක්‍රියා මාර්ග නියමිත පරිදි සිදු වෙනු ඇත.

සජිත් දින්නොත්

සජිත් ප්‍රේමදාස ජය ගෙනීම තුළ ඔහුට පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව පවත්වගෙන යෑම අසීරු කරුණකි. මේ වන විටත් ඔහු සමඟ සිටි 54 ක මන්ත්‍රීවරු ප්‍රමාණය 40 කට පමණ අඩු වී තිබේ. බහුතර බලය සහිත ආණ්ඩුවක් වෙනුවෙන් 113 ක් දෙනෙකු අවශ්‍යය. ඒ අඩුව අනෙක් පක්ෂ වලින් එකතු කර ගැනීමේ හැකියාව ඔහුට නැත. සහය දීමට පැමිණෙන කණ්ඩායම් සිටිය හැකි වුවත් ඒ වෙනුවෙන් ඔහුට ගෙවන්න වන මිල අධිකය. ඇමැති තනතුරු වරප්‍රසාද වෙනුවෙන් කේවල් කිරීම සිදු වෙනු ඇත. ආණ්ඩුවේ වැදගත්ම තනතුරු පිටස්තරයන්ට දීමට සිදු වෙනු ඇත. නමුත් එය සජබය තුළම විශාල අර්බුදයක් ඇති කරනු ඇත. සජිත්ට මෙම පාර්ලිමේන්තුවේ කිසිවකුට තාවකාලික හෝ ජාතික ආණ්ඩුවකට සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධන කිරීමත් කළ නොහැකිය. ජනාධිපති රනිල් රට වෙනුවෙන් පක්ෂ දේශපාලනය පැත්තකට දමා සර්ව පාක්ෂික පාලනයකට කළ ආරාධනාව සජිත් ප්‍රතික්ෂේප කළේ අළුයම ලූ කෙල පිඩක් සේය.

මේ අනුව සජිත්ට පාර්ලිමේන්තුව විසුරුව හැරීමට සිදු වේ. නමුත් ඔහුත් සජබයත් මුහුණ දෙන ගැටළුව නම් තමන් ජනාධිපතිධුරයට පත් වූයේ රටෙ බහුතර ඡන්දයෙන් නොවන විට, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුළින් තමන්ගෙ පක්ෂ සන්ධානයට බහුතරයක් සහිත ආණ්ඩුවක් ලබා ගැනීමේ ඇති ඉඩ කඩ ඉතා සීමා සහිත වීමය. ජනතාව හමුවට යන්න වෙන්නේ සුළු ජනවරමක් සහිත නායකයකු ලෙසය. බහුතරයක් ප්‍රතික්ශේප කළ නායකයකු ලෙසය.

මේ අනුව ඉදිරි මහ මැතිවරණයකින් පැහැදිලි බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ හැකියාව සජිත්ට නොලැබේ. ඒ අනුව හවුල් ආණ්ඩුවකට යෑමට සිදු වෙනු ඇත.

එම ගැටලුව සජිත් කෙසේ විසඳා ගනීද යන්න ගැන දැන්ම කිසිවක් කිව නොහැකි නමුත් පැහැදිලිවම ස්ථාවර ආණ්ඩුවක් පවත්වගෙන යෑමක් සිදු වන්නෙ නැත. රටේ දේශපාලන ස්ථාවරත්වය කඩා වැ‍ටුණහොත් රටේ ආර්ථිකය යළි අර්බුදයකට යෑම කඩිනමින්ම සිදු වනු ඇත.

අනුරට රට ගියොත්

අනරගේ ජාජබය සම්බන්ධයෙත් ගත්තත් තත්වය මෙසේය. වෙනසකට වන්නේ මීට වඩා අර්බුද කාරී වීම පමණි.

ජාජබයට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙන විකල්ප කිසිවක් නැත. නමුත් අනුර ද බලයට පත් වන්නේ බහුතර ජනවරමකින් නොවේ. භාග වරමකිනි. ඒ අනුව මහ මැතිවරණයක දී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා ගැනීමේ හැකියාව ඔහුටත් නැත. එසේම මහ මැතිවරණයක් සඳහා ජාජබයෙන් ඉදිරිපත් වන සාතිශය බහුතරය දේශපාලනයට ආධුනික නවකයන් වන අතර එ් කිසිවකුට ජන පදනමක්ද නැත. මේ තත්වයන් හමුවේ ජාජබය මහ මැතිවරණයක දී සෙසු පක්ෂ සමඟ ආසන්න තරගයක්වත් දීමේ හැකියාව පැහැදිලිවම නැත. මේ අනුව අනුර යටතේ ඔවුන්ට පක්ෂපාත ආණ්ඩුවක් යනු සිහිනයක් පමණක් වෙනු ඇත. ජාජබයට අනුව සෙසු පක්ෂ නියෝජිතයන් සියල්ල හොරු ලෙස හංවඩු ගසා ඇති තත්වයක් යටතේ හවුල් ආණ්ඩුවකට යෑමේ හැකියවක් ද පැහැදිලිවම නොමැත. එ් අනුව සුළුතර ආණ්ඩුවක් පිහි‍ටුවා ගෙන රට යළි වළපල්ලට යැවීම හැර අනුරට කළ හැකි කිසිවක් ඉතුරු වන්නේ නැත. ඒ තබා පාර්ලිමේන්තු ආසන 75 කට වඩා ජාජබයට අඩු වුවහොත් අනුරගේ ජනාධිපතිධුරය පවා අවිනිශ්චිත වෙනු ඇත. දෝශාභියෝග යොජනාවකින් අනුරව ඉවත් කිරීමේ පහසු හැකියාවක් විපක්ෂයට හිමිවේ.

නාමල්ට ලැබුණොත්

අනෙක් අපේක්ෂකයා වන නාමල් රාජපක්ෂ වෙත ජනාධිපතිවරණයේ දී යම් ඡන්ද සංඛ්‍යාව ක් බෙදී ගියද එය පළමු හෝ දෙවන තැනට පත්වීමට තරම් ප්‍රමාණවත් නොවනු ඇත. දෙවන වටයේ ගනන් කිරීමට ඔහුව හසු නොවේ මේ නිසා කිසිසේත්ම ඔහුට ජයග්‍රහණයේ අවස්ථාවක් නොමැත. එ් කෙසේ නමුත් ඔහු ලබන ඡන්ද සංඛ්‍යාව සෙසු ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාටම බලපෑම් සහගත වෙනු ඇත. එමෙන්ම මහ මැතිවරණයක දී එය තීරණාත්මකය. විපක්ෂයේ යම් බලයක් සහිතව නාමල්ට සිටීමේ හැකියාව තිබිය හැකිය. එමෙන්ම කොන්දේසි, තනතුරු තාන්න මාන්න සහිතව ආණ්ඩුවක් පිහි‍ටු වීමේ දී අනෙක් පර්ශ්වයකට සහය දීමක් හෝ නාමල්ට කළ හැකිය. එසේ නොමැතිව තමන්ගේ දේශපාලන පෞර්ෂය ආරක්ෂා කරගෙන විපක්ෂයෙ ප්‍රබල බලවේගයක් ලෙස කිසිවකුට ආණ්ඩුවක් නිසි ලෙස පවත් වාගෙන යෑමට ඉඩ නොදීමේ හැකියාවද නාමල්ට ලැබිය හැකිය.

රනිල්ට විතරයි පුළුවන්

කොහොම නමුත් මේ වන විට පැහැදිලි කාරනාව, ජනාධිපති රනිල් හැර අන් කිසිවකු ජනාධිපති ධුරයට පත් වීම නියත වශයෙන්ම දරුණු ආර්ථික අර්බුදයක් ඇති වීම අනිවාර්ය තත්වයක් වීමය. ආර්ථික අර්බුදයකට පෙර දේශපාලන වියවුල් කාරීත්වයක් ඇති වී රටේ දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටී සමාජීය අර්බුද ඇති වීම වැලක්විය නොහැක. එසේම මෙහිදී ඇතිවන ආර්ථික අර්බුදය පෙර මුහුණ දුන් අත්දැකීම් වලට වඩා අතිශය දරුණුවෙනු ඇත. එසේම යළි යළිත් ස්ථාවර පාලන තන්ත්‍රයක් පිහි‍ටුවා ගැනීම වෙනුවෙන් ග්‍රීසිය, ආර්ජෙන්ටිනාව වැනි රටවල් සිදු වුවා සේ මැතිවරණ ගනනාවක් එක දිගට පැවැත්වීමට සිදුවෙනු ද ඇත.

ඒ අතරම දැනටමත් සජබය සහ ජාජබය ප්‍රකාශ කර ඇති ලෙස වැට් බදු කපා හැරීම ඇතුළ බදු අඩුකිරීම් ආදිය නිසා සහ දේශපානික ස්ථාවරත්වයක් නොමැතිව මතුවන ආර්ථික අර්බුද හමුවේ, රාජ්‍ය ආදායම් අහිමි කරගැනීම් නිසා එක පෙළට මැතිවරණ කිරීමත් සිදු කිරීම විය නොහැකිය. මේ තත්වයන් මත සිවිල් කැරළි කොලහල වලටද රට තුළ විශාල් ඉඩක් සකසනු ඇත.

මේ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි බලයට පත් කිරීමේ තීන්දුවට වෙනස්ව වැරැදි තීදුවක් ජනතාව ගතහොත් රටේ කඩාවැටීම, ඉතිහාසයේ එතෙක් මෙතේක කාලයකට නොවුණු දරුණුම ඛේදවාචකයක් බවට පත්වීම අනිවාර්ය වනු ඇත.

-සුජය

Last modified on Sunday, 18 August 2024 14:32

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us