රනිල්ගේ කෝටිය ගැන

Saturday, 17 August 2024 15:55

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සිංහල බෞද්ධ ඔරිජිනල් චන්ද වලින් ලක්ෂ හැට නමයක් ගත්තා. (69)


ඒ වෙලාවේ රනිල් සහ සජිත් එකතු වෙලා සුළුතරයේ බහුතරයවන දෙමළ කතා කරන ජනතාව සහ බහුතරයේ සුළුතරය සහයෝගයෙන් ලක්ෂ පණස් හතරක් ගත්තා. (54)
මෙතනදී විශේෂ තත්ත්වයක් තිබෙනවා ඒක තමයි රනිල් මහත්තයාට සිංහල අය වැඩිය කැමති නෑ ආගන්තුකයි කියලා මතයක් තිබුන නිසා එතුමා තමයි උතුරේ දෙමළ කතා කරන ඡන්ද සහ වතුකරයේ ඒ සියලු දෙමළ ඡන්ද අරන් දුන්නේ.
සජිත් තමයි හැටනම ලක්‍ෂයක් ගෝඨාභයට ගියාම ඉතුරු වෙච්ච සිංහල ඡන්ද ටික ලබාගත්තේ.
සජිත් ජනාධිපතිවරණය පැරදුණාට පස්සේ එතුමා කඩාගෙන ගියා. ගිහින් සජබේ පිහිටුවා ගත්තා. ඊට පස්සේ මහ මැතිවරණය ඉල්ලනකොට ඔහු ලබා ගත්තේ ලක්ෂ 24යි. ඒ වෙලාවෙදි රනිල්ගේ සහයෝගය ලැබුණේ නැහැ. නමුත් රිෂාඩ් බදුර්දීන් හකීම් මනෝගනේශන් ඇතුළු ටීම් එක සජිත් සමග එදත් හිටියා. සම්පූර්ණ ලක්ෂ 24යි ගත්තේ.. (24)
සජිත් සහ රනිල්ගේ පක්ෂ බෙදීම නිසා දුක ක්‍රෝධ වෛරය හැම ආතතියක්ම නිසා ලක්ෂ තිහක් ඡන්ද වෝට් කරන්නේ නැතුව අයින් වුණා (30)
ඒ ලක්ෂ තිහ JVP හෝ ගෝඨාභයට දුන්නේ නෑ. ඒ දෙකට ගියේ නෑ කියන්න හේතුව තමයි ඒ වෙලාවේ JVP ගත්තෙ ලක්ෂ හතරහමාරයි. ගෝඨාභය හැටනමයයි, හැටඅටයි එතනත් වෙනසක් නෑ.
මේ මොහොතේ පොහොට්ටුවේ සීයට අනූවක් අනූ පහක්ම රනිල් සමග ඉන්නවා. ඒ ලක්‍ෂ හැට නවයෙන් මහින්දලාගේ ඔරිජිනල් ඡන්ද තියෙන්නේ ලක්ෂ හතළිහයි (40)
(ඒක පළාත් පාලන මැතිවරණයේදී තමයි අරන් පෙන්නුවේ. )
ලක්ෂ හැට නමයෙන් ලක්ෂ හතලිහක් අයින් කරපුවහම පාවෙන ඡන්ද තියෙනවා ලක්ෂ ~තිහක්. (~30)
ඒ ලක්ෂ විසිනමය නැත්තන් 30 ගැන දැනුත් අපිට මොකුත් කියන්න බෑ. සමහරවිට ඒක සම්පූර්ණයෙන්ම සජිත් සහ JVP වීමට ඉඩ තියෙනවා.
ඒ විදියට ගණන් හදලා ලක්ෂ 69කින් පාවෙන ඡන්ද විදියට තිහක් අයින්කලාටත් පස්සේ
පොහොට්ටුවේ රනිල්ට සහය දෙන මන්ත්‍රීවරුන්ට ලක්ෂ තිස්පහක් එකතු වෙන්න පුළුවන් පොහොට්ටුව නිසා කියන එක සාධාරණ ප්‍රකාශනයක්...... ✌
චන්දෙට ගියේ නැති original රනිල්වාදීන් ලක්ෂ තිහක් ඉන්නවා රනිල් එක්ක. ඒකෙනුත් දහයක් අයින් කරලා ලක්ෂ විස්සක් ගත්තාම
ඡන්ද ලක්ෂ පනස් පහක් දැනට අතේ තියෙනවා. (55)
ඊළඟට උතුරු නැගෙනහිර සහ කඳුකර tamil speaking community එක ඉන්නවා ඡන්ද ලක්ෂ තිස්හතක්. (37)
මේ ඡන්ද ගෝඨාභයට ආවේ නෑ. සීයට අනූපහක් රනිල්ගෙ සහයෙන් ආවේ සජිත්ට ජනපතිවරණය වෙලාවේ. නමුත් මහමැතිවරණයට එහෙම වුණේ නෑ.
ඒ ඡන්ද ලක්ෂ 37න් ලොකු භාගය සජිත්ටයි අනුරටයි දාලා රනිල්ට පහලොවක් දැම්මානම්
පනස්පහයි පහළොවයි එතන තියෙනවා හැත්තෑවක්. මේ තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඇප තැන්පත් කරන්න ගිය වෙලාවේ එතුමට තිබුනූ අවමය. (70)
මේක මෙහෙම වෙන්නෑ කියනවනම් කවුරුහරි ඒකට හේතු කියන්න ඕනේ ?
ඊළඟට රනිල්ට මේ ලක්ෂ හැත්තෑවට වඩා ඡන්ද වැඩිවෙන හේතු තියෙනවා පළවෙනි දේ තමයි රනිල් රාජපක්ෂ කියන ප්‍රචාරය දැන් මිත්‍යාවක් බවට පත්වෙලා තියෙනවා. කිසිම ආරක්ෂාවක් වරප්‍රසාදයක් රටේ නීතියට පිටින් දීල නෑ,
ඒ වගේම පසුගිය අවුරුදු දෙකක රනිල් කරලා පෙන්නපු රෙකෝඩ් එක තියෙනවා.
ඒ දේවල් දැක දැක රනිල් වික්‍රමසිංහට විරුද්ධව කව්රුහරි නොදෙනවනම් ඒකට හේතුව ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර හෝ නොමග යාමක් වැනි රිනාත්මක කුමක් හෝ ප්‍රශ්නයක් පමණයි.
ඊළඟට මෙවර මැතිවරණයේදී ලක්ෂ තිස් හතෙන් පහළොවක් ලැබෙන බවට තමයි අපි ගත්තේ. නමුත් මුස්ලිම් ඡන්ද තිබෙන නැගෙනහිර සහ වන්නි දිස්ත්‍රික්කවල රිෂාඩ් සහ හකීම් දෙන්නම නැගෙනහිර පළාතට සම්බන්ධ නැති අය.
විල්පත්තු කැලය කපනවා කියලා මහා පරිමාණ විරෝධතා දැක්වීමට මුල්වූ එක් පුද්ගලයෙක් පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ.
ඒ වගේම පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසුව වයඹ පළාත්වල මුස්ලිම්වරුන්ට විරුද්ධව සිදුවුණු සිදුවීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සහාය දුන්නේ දයාසිරි ප්‍රමුඛව.
මේ දෙන්නම දැන් ඉන්නේ සජිත් එක්ක.
එවැනි පුද්ගලයන් සමග සිටින සජිත්ට සහය ලබාදීම නිසා ප්‍රාදේශීයව යම්කිසි වාදයක් යනවා හකීම් විසින් සජිත්ට සහාය දීමට අකමැතිව.
සිංහල අපේක්ෂකයන් තුන්දෙනෙක් සජිත් දැම්මා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී MEH මහරූෆ් මහතා පරාජය කිරීම සඳහා. එම නිසා එතුමා පරාජය වුණා. ඒ අප්‍රසන්න හැඟීමත් අදාළ මුස්ලිම් අයට සජිත් කෙරෙහි තිබෙනවා.
ඒ වගේම මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධව ප්‍රශ්න ඇතිවූ විට සජිත් නිහඬව සිටියා. නමුත් රනිල් එම විශ්ව විද්‍යාලය කෘතීම බුද්ධිය උගන්වන පලමු විශ්ව විද්‍යාලය බවට පත් කරලා සිංහල ද්‍රවිඩ මුස්ලිම් දරුවන් දැන් එහි ඉගෙන ගන්නවා. එහි කිසිම ආගමික subject උගන්වන්නේ නැහැ. ඒක සීයට සීයක් විද්‍යා හා තාක්ෂණික විශ්ව විද්‍යාලයක් පමණයි. එම කාරණය නිසා නැගෙනහිර පළාත් මුස්ලිම්වරු ප්‍රමුඛ සියලුම ජනතාව රනිල් කෙරෙහි විශේෂ ආදරයක් ගෞරවයක් දක්වනවා.
උතුරු දමිළ ජනතාව පිළිබඳව සළකද්දී 2005 දී ඔවුන් වැරදි තීරණයක් ගත්තා. එම නිසා ජාතික වශයෙන් මුළු රටටත් ඔවුන්ටත් විශාල පාඩුවක් සිදුවුණා. මෙවර ලැබෙන අවස්ථාවේදී ඔවුන් කළ වරදට සාධාරණයක් ඉටුකර දෙන බවත් සීයට සීයක් විශ්වාස කතාවක්.
මෙම කාරණාවන් අනුව අවමය හැත්තෑවක් ලක්ෂ ලබා දෙනවාමයි ඊට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ! වෙන්ඩ හේතුවක් නෑ!
✍ Ranga Jayathilaka

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us