රනිල් යනු පුද්ගලයකු නොවේ, ක‍්‍රමවේදයකි. දිනවිය යුත්තේ ඒ නිසාය. Featured

Friday, 16 August 2024 16:11

රනිල් වික‍්‍රමසිංහ කළේ මොකක්ද? ඔහු සිතන්නේ කොහොහොමද? ඔහු මොනව කරන්නද හදන්නේ? මේ වැනි ප‍්‍රශ්න සාමාන්‍යයෙන් රනිල් සම්බන්ධයෙන් තිබේ. ඔහුව වටහාගැනීම පහසු නැත.

මේ නිසා රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලනය කුමක්ද? කියා බොහෝ අයට තේරුමක් නැති බව පැහැදිලි කතාවකි. ඒ නිසාම නොමඟ යැවීම් නිතර වෙයි. සමහරවිට ඔහු වෙතින් නිශ්චිතවම දේවල් සම්පුර්ණයෙන් සරළව ප‍්‍රකාශ නොවන නිසා විය හැකිය. නමුත් රනිල්ගේ ප‍්‍රකාශ තරම්, දිගක් පළලක් ගැඹුරක් ඇති ප‍්‍රකාශයන් මෙරට දේශපාලනඥයකු වෙතින් නම් මෑත කාලයේදි අසන්නට ලැබී නැත. ඒ වටහා ගැනීම වෙනම අධ්‍යයනකි. දුෂ්කර අභ්‍යාසයකි. එහෙත් සියල්ල අවසානයේ ඔහු කළ කී දේ වඩාත් නිවැරදි බව වටහා ගත හැකිය.

රනිල් එජාපයට හිමි වූ එකම පාර්ලිමේන්තු අසුනේ වාඩිගත් දා (2021 ජුනි 23* ඔහු පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරනු ලැබුවේය. ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු එදා Lankadaily සටහන් කළේ,

‘‘..කොහොම වුණත් ඔහුගේ පැමිණීම ශ‍්‍රි ලාංකේය දේශපාලනයේ මොකක් හෝ බරපතල යමකට තුඩු දෙන්නක් විය හැකි බව ඒ බොහෝ දෙනා සැක මතු කර තිබිණි. රනිල්ගේ දේශපාලන භාවිතාව ගැන ඇති අතීත අත්දැකීම සහ ඔහු ඉදිරියේදී කරන්න යන්නෙ කුමක්ද යන ගැන කිසිවකුට පූර්ව විනිශ්චයන් දීමේ නොහැකියාව මත රනිල් මේ මොහොතේ පෙනී සිටින්නෙ කුමක් වෙනුවෙන්ද කියන කාරණය ගැන කුහුලක් ඇතිවීම වැලැක්විය නොහැක.
රනිල් දේශපාලන බලය අත්පත් කරගැනීම යැයි සැලකුවේ ජනාධිපතිධුරය ලබා ගැනීම අගමැතිධුරය ලබාගැනීම, පාර්ලිමේන්තුවේ බහුතරය හෝ විපක්ෂයේ බහුතරයක් හෝ ලබාගැනීම නොවේ. ඒ බලය ඔහුගේ දේශපාලනයට අත්‍යාවශ්‍යම සාධක නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ඔහු පිළිගන්නා දේශපාලන ප‍්‍රතිපත්තීන් ජයග‍්‍රාහී තැන තබාගැනීමය. එය ඔහුගේ එජාපය තුළින් බැරිනම් ඒ මොහොතේ බලයේ සිටින පක්ෂ හෝ පක්ෂ එකමුතුවක් ලවා හෝ කරවාගැනීම ඔහුගේ අභිප‍්‍රාය වූවාට සැක නැත.

අද දින ඔහු පාර්ලිමේන්තුව හමුවේ කරනු ලැබු තරමක් සැර කතාව ද පදනම්වන්නේ ඒ මතය.....
...කොහොම නමුත් රනිල් මතු කරනු ලැබූ කාරණය ගැන ආණ්ඩුවටත් අනෙක් විපක්ෂ කණ්ඩායම්වලටත් හිතන්න වාද කරන්න බොහෝ දේ ඇත. ජනාධිපතිවරයා සහ අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවට යළි තමන් කරමින් සිටින දේ ගැන ගැඹුරින් කල්පනා කරන්නට සිදුවෙනු ඇත. මෙය හරියට අඬන්න සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැනි වැඩකි. කොහොම නමුත් රටට වගකියන පාලක පක්ෂයට දැන් රනිල් මඟහැර යා නොහැකිය. විපක්ෂයට තමන් මෙතෙක් කරපු කියපු දේවල් ගැනත් අඩුම තරමින් දේශපාලනය යනු කුමක්දැයි හෝ කල්පනා කිරීමට හෝ දැන් අවස්ථාවක් ඇත. යළි බලය අත්පත් කරගැනීමට දේශපාලනික උපක‍්‍රමික මාර්ග තෝරන්නෙ කෙසේදැයි රනිල් අද ලබාදුන් නිදර්ශනය ගැන ඔවුන්ට සිතන්නට සිදුවේ. කොටින්ම රනිල්ගෙන් ඉගෙන ගන්නට තව බොහෝ දේ ඇති බව සියලූ විපක්ෂ කණ්ඩායම්වලට තිබෙන බව රනිල් ටොක්කක් ඇණ පෙන්වා දී ඇත.
රනිල් පවසන දේ බාරගැනීම හෝ නොගැනීම ආණ්ඩුවත් විපක්ෂයත් සිදු කළද නොකළද ඔහු පෙන්වා දුන් ඇත්ත වෙනස් නොවනු ඇත....’’ යනුවෙනි.

ලියුම්කරු එදා කල්පනා කළ පරිද්දෙන් රනිල්ව මඟ හැර යාමට කිසිවකුට නොහැකි වූ අතර අවසානයේ සියළු දෙනා රනිල්ට අභිමුඛ වී පරාජය විය.

එදා මෙදා තුර රනිල් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ජාත්‍යන්තරය තුළත් බොහෝ දේ කියා ඇත. එමෙන්ම විශාල ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණයකට පිවිස ඇත. මේ සියල්ල තුළ එකට එකක් පෑහෙන සම්බන්ධතා, එකිනෙක යා කර ලකුණු කරගැනීමේ සමත්කම තිබේ නම්, රනිල්ගේ ගමන් මගෙහි සිතියම ලකුණු කරගැනීම අපහසු නැත. ඒ අනුව ඔහු යන්න හදන්නේ කොතනටද කරන්න හදන්නේ කුමක්ද කියන එක ගැන අදහසකට පැමිණිය හැකිය. අවශ්‍යනම් දශක 5 ක් තිස්සේ කළ කී දේ ගැනද සලකා බැලිය හැකිය. එයද සිහින් හූයකින් වර්තමානය හා ගැට ගැසෙයි. දශක 5ක තිස්සේ රනිල්ගේ දේශපාලනය නිශ්චිත ඉලක්කයක් කරා දිව යන්නකි. පරාජයන් මෙන්ම ජයග‍්‍රහණයන් රැසක් සමඟ ඉවසීමෙන් සංයමයෙන් ආ ගමන අද එහි කූඨාප‍්‍රාප්තියට ආසන්නව ඇතැයි කීවාට වැරදි නැත.

රනිල් ගැන වරදින තැන

බොහෝ විට රනිල් සම්බන්ධයෙන් වරදින තැන, ඔහු කරන කියන දෙයෙහි එකිනෙක සම්බන්ධය නොසලකා හරිමින් එහෙන් මෙහෙන් වෙන වෙනම අල්ලාගෙන කරන ‘ඇගයීම‘ හෝ ‘විවේචනය‘ ය. රනිල්ගේ දේශපාලනය තුළ ඔහු සිටින තැන ලකුණු කරගැනීමට ඉඩකඩක් වෙන් නොවීම තුළ බොහෝ අය නොමඟ යෑම සිදුවේ. රනිල්ගේ විවේචකයන් සාතිශය බහුතරය මෙලෙස නොමඟ ගිය වුන්ය. රනිල්ව තේරුම් ගත් අය රනිල් සමඟ අඛන්ඩව වැඩ කළේය. අදත් රනිල් සමඟ සිටගන්නන්ට සමත්කම් පාන්නේ රනිල් යන්නේ කොහෙද යන්න වටහාගත් වුන්ය. එතැනට අලූත් පිරිසක්ද දැන් එකතුව සිටී.

විපක්ෂය නියෝජනය කරන නායකයන් විසින් රටේ ආර්ථික අර්බුද සමනය සඳහා තමන්ට විසදුම් තිබෙන බවත් මාස 6 න් අවුරුද්දෙන් රට ගොඩදැමිය හැකි බවත් කියමින්, ඒ වන විට රනිල් ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ගත් පියවරයන් දැඩිව විවේචනය කරමින් සිටි සමයේදී, රනිල් අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවේ (2022 ජූලි 05 දා) ඔවුන්ගෙන් විමසා සිටියේ එවැනි සැලැසුම් තිබෙනවා ඉදිරිපත් කරන ලෙසය, එහෙම් සැලසුම් තිබෙනවා නම් ඒ අයට ඉඩදී තනතුරු අත්හරින්න තමන් සූදානම් බවය.

‘‘..තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්. මොකද මම මේ දරන තනතුරු මට අලූත් දේවල් නෙමෙයි. රට අරාජික වෙලා තියෙන වෙලාවක කිසි කෙනෙක් වගකීම භාරගත්තේ නැති වෙලාවක මම මේ තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි. ඒ අවස්ථාවේ රට පත් වී තිබුණේ අරාජික සහ අනතුරුදායක තත්වයකට. ඒ තත්ත්වය තවත් වර්ධනය වුණා නම් රට ලේ විලක් බවට පත් වෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් අප දිහා මිත‍්‍රත්වයෙන් නොබලන වටපිටාවක් උදා වෙන්න තිබුණා.
මේ තනතුර භාරගත්තේ ඒ තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම් භාරගත්තේ රට වෙනුවෙන්. මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිතා කරමින් රට වැටී ඇති තත්වයෙන් ගොඩගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාරගත්තේ. රට ප‍්‍රපාතයට ඇද වැටීම වලක්වාගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහලට ඔසවා තබන්න.
මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. මට තියෙන්නේ රට ගොඩගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි. ඒ අවශ්‍යතාවය සපුරාගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්නා සිටින්නට කැමතියි.
අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක‍්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප‍්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක‍්‍රියාත්මක කරලීමේ කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.
ඉතින් දැන් අප අනුගමනය කරන ක‍්‍රමවේදයටත් වඩා යහපත් මාර්ග ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න. ඉදිරිපත් කරන්න. රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට අපි සියල්ලම එකතු වෙමු. වැටුණු තැනින් යළි නැගී සිටීමේ ගමනට එක් සත්ත්ව එක්සත්ව එක්සිත්ව එකතු වෙමු. සාමූහික අදහස් හා යෝජනා ඔස්සේ මේ ගමන් මඟ වඩාත් නිවැරදි කර ගනිමු...‘‘

රනිල්ගේ වුවමණාව පැහැදිලිය. නමුත් මේ මේ කතාව වුවත් බොහෝ වුන් විශ්වාස නොකරන්නේ රටේ දේශපාලනය බොරුව රැවටිල්ල තක්කඩිකම මත පදනම්ව සැකසී තිබෙන ආකාරය නිසාය. පුරවැසියා, දේශපාලකයා සම්බන්ධයෙන් කල්පනාකරන ජනප‍්‍රිය ආකාරය නිසාය. කෙසේ නමුත් රනිල් මෙතැනදී අවධාරණය කරන වැදගත් කාරණය, ”..තනතුරු මට අලූත් දේවල් නෙමෙයි... තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි...මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. මට තියෙන්නේ රට ගොඩගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි..”යනුවෙන් කරන ප‍්‍රකාශයයි.

රනිල්ට රකින්න පරපුරක් නැත

රනිල්ව බොහෝ අය කියවගන්නේ ජේ ආර් ඉදිරියට රැගෙන ආ යෂ්ඨිය අතයට ගත් තැනැත්තා ලෙසය. ජේ ආර් ජයවර්ධන වරෙක කියා සිටියේ තමන්ට රකින්න පරපුරක් නැති බවය. ඔහුට නොබියව රටේ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් ක‍්‍රියාත්මක කරන්න හැකි වූයේ ඒ නිසාය. ඔහු මුළුමනින්ම කල්පනා කළේ රටේ අභිවෘද්ධිය ගැන පමණය. ඒ ජේ ආර්ට මෙන්ම රනිල්ටද රකින්න පරපුරක් නැත. ඔහුගේ අරමුණද රටය. කොටින්ම සිය පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයද රටේ වුවමණාවට යටත්කර පක්ෂ බල දේශපාලනයෙන් ඒ ඈත් කර තිබේ.

”..මම අගමැති වගකීම් භාරගත් අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා, මේ අසීරු හා අර්බුදකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ක කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා. ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප‍්‍රතිචාර ගැන ඔබ හැමදෙනාම දන්නවා...මම යළිත් මේ සභාවේ සිටින සියළුම පක්ෂ නියෝජිතයන් ගෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජයගැනීමට එකට එක්වෙන ලෙසටයි.

අපේ අවසාන ඉලක්කය ඉහළ තරගකාරීත්වය කින් යුතු සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමයි..” යනුවෙන් රනිල් සියලූ දේශපාලන පක්ෂ වලට ආයාචනයක් කළේ තව දුරටත් පක්ෂ දේශපාලනය තුළට වැදී රට අර්බුදයට යැවීමෙන් වැලකීම මේ මොහොතේ වඩා වැදගත් වන නිසාය. රට ගෙඩගැනීමෙන් පසුව අවශ්‍ය නම් පක්ෂ දේශපාලනයට පිවිසෙමු යනුවෙන්ද රනිල් ඉල්ලා සිටියේ, ඔහුට වඩා වැදගත් වන්නේ රට නිසාය. ජනතාව නිසාය.

මේ අවධාරණ කළ කරුණු වලට එපිටින් පක්ෂ දේශපාලනය බදාගෙන පක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට අනුව තීන්දු තීරණ ගන්නා තැනට මේ ගෙවුනු අවුරුද්දක කාලය තුළ රනිල් පියවර ගෙන නැත. ඔහු පෙනී සිටින්නෙම රට වෙනුවෙන් අවශ්‍ය අනිවාර්ය කාර්භාරය ඉටු කරමින් පුරවැසියාට යහපත් හෙටක් ගොඩනඟා දීම ගැන වන අරමුණෙනි. ජනප‍්‍රිය දේශපාලන භාවිතාව වෙනුවට දුෂ්කර අවදානම්කාරී තීන්දු තීරණ වලට එළැඹෙමින් අතිශය සංකීර්ණ තත්වයන් හා ගැටෙමින් ඔහු ක‍්‍රියාත්මක වන්නේ ඔහු පතන සංවර්ධිත ශ‍්‍රී ලංකාව ගොඩනැඟීම වෙනුවෙන් මිස ඔහුටවත් ඔහුගේ පරපුරකට තබා පක්ෂය වෙනුවෙන්වත් නොවන බව පැහැදිලි කරුණකි.

කොහොම නමුත් පක්ෂ දේශපාලනය ව්‍යාජයක්ව අවසන් වී දැන් කාලයක් ගත වී තිබේ. පක්ෂ හැට හුටා මාරක් තිබෙන රටේ මැතිවරණ දේශපාලනයේ දී ඒවා සන්ධාන බවට පත් වේ. බලය අත්පත් කරගත්තා නොගත්තා හෝ වේවා මෙම සන්ධාන නැවත නැවත කැඩි වෙන් වෙමින් නැවත නැවත සන්ධානගත වේ. මුලින් පෙන්වන මතවාදී වෙනස්කම් ප‍්‍රතිපත්ති වෙනස්කම් පහු පහු වෙන විට හඳුනාගත නොහැක. මේ නිසා කිසිදු පක්ෂයකට නිශ්චිත මතවාදයක් ප‍්‍රතිපත්තියක් අඛන්ඩව පවත්වාගෙන යෑමේ හැකියාව අද නැත. අනෙක අද තිබෙන පක්ෂ බහුතරයක් යනු යම් අයකුගේ, පවුලක, මිතුරු කැළක පුද්ගලික දේපොළක්, බුදලයක් හෝ ව්‍යාපාරික සමාගමක් ආදි ලෙස පවතින ඒවාය. දේශපාලන අරමුණු වලට වඩා ඇත්තේ වෙනත් අරමුණුය. ඒ අරමුණු වෙනුවෙන් ඒවා නම්‍යශිලී වන්නේ හිතාගන්නට නොහැකි තරම් වේගයකිනි.
කොහොම වෙතත් පක්ෂ දේශපාලනය කවර හැඩයක් ගත්තත් රටෙත්, පුරවැසියාගේත් අභිවෘද්ධියට යටත්ව එසේ සිදු වෙනවා නම් එහි ගැටළුවක් නැත. එහෙත් බොහෝ විටම දකින්නට ලැබුණේ කෙටි කාලීන සිල්ලර දේශපාලන වුමණාවන්, බඩගෝස්තරය වෙනුවෙන් ගන්න අවස්ථාවාදි තක්කඩි පියවරයන් ලෙස පමණි.

අද රනිල් විරෝධයක්, ආණ්ඩු විරෝධයක් නඩත්තු කරගැනීම වෙනුවෙන් පෙළ ගැසී සිටින කණ්ඩායම් වල ක‍්‍රියාකාරිත්වය දෙස බැලීමේදි මේ විකාරය පැහැදිලිය. මේ විකාරකාරී තත්වයන් තවදුරටත් රටට අවශ්‍ය වන්නේ නැත. රට මේ අර්බුදයෙහි ඇද දැමීමටත් මේ තත්වයන් හේතුවක් වූ අතර, මේ විකාර පක්ෂ දේශපාලනය මේ වන විට කල් ඉකුත්ව තිබෙන්නකි. රනිල් දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින්නේ මේ විකාරය නවත්වා නිශ්චිත අරමුණක් වෙනුවෙන් එකතු වී මේ කඩා වැටුණු රට ගොඩනැගීමට දායක වන ලෙසය. රනිල්ව තේරුම් ගැනීමට අවශ්‍ය නම් රනිල් මේ සිටින ස්ථාවරය තුළ බහා ඔහු කරන කියන දේවල් දෙස බැලිය යුතුය.

විපක්ෂයට වී ඇබැද්දිය නම් රනිල් නිවැරදි බව දැන දැනම තම හිතවතුන් ආධාරකරුවන් චුන් කර තබා ගැනීම වෙනුවෙන් බොරු කියන්නට සිදු තිබීමය. සජබයේ ආර්ථික ඔස්තාර්ලා රනිල් ගන්නා පියවරයන් නිවැරදි බව කියන විට සජිත්ට හිතවතුන් ආධාරකරුවන් ඉදිරියට ගොස් කියන්න සිදුව ඇත්තේ රනිල් රට විනාශ කරනවා කියාය. මන්ද රනිල් හරි කිව්වොත් හිතවතුන් ආධාරකරුවන් ඉතිරි නොවන්නේ යැයි සජිත් හිතන නිසාය. ජවිපෙ මුහුණ දී ඇති ගැටළුවත් මෙයය. තමන්ට කියා දෙයක් නැත. නමුත් තිබෙනවා යැයි ව්‍යාජයක් නඩත්තු කරන්නට සිදු තිබේ. පරණ පක්ෂ දේශපාලන හණ මිටි කරතබා ගෙන සිටින තාක්කල් මේ ව්‍යාජය නඩත්තු කරන්නනට සිදු වේ.

රනිල් එජාපයට අයිති නැත

එජාපයටත් මේ ගැටළුවට මුහුණ දීමට සිදුවීම අනිවාර්යයකි. එජාපයට ජනාධිපති රනිල් තමන්ගේ නියෝජිතයකු යැයි කල්පනා කරන්නට ඉඩක් විවරව තිබේ. නමුත් එජාපයට රනිල් කියන්නේ පක්ෂයේ නායකයා විය යුතුවා මිසක, ජනාධිපති තමන්ගේ පක්ෂයේ නියෝජිතයා නොවිය යුතුය. රනිල් යනු කාගෙවත් නියෝජිතයකු නොවේ. රට ගොඩගන්න රටට ඉතිරිව ඇති එකම විකල්පයයි. එතැන පක්ෂයක් අදාල නැත. පක්ෂ යනු ව්‍යාජයක් වීම තුළ කොහොමටවත් අදාලත්වයක් නැත. නමුත් එජාපය එය වටහා නොගත්තොත් එජාපයට ‘ජනාධිපති රනිල්‘ අහිමි විය හැකිය.

අද ජනාධිපති රනිල් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මේ සියළු කරුණු කරණා කිරා මැන බැලීමෙන් අනතුරුවය. ඔහු අද රටට අලූත් දේශපාලන නායකත්වයක්, දේශපාලන සංස්කෘතියක් හ`දුන්වා දී ඇත.

පැරණි දේශපාලනය අද වෙනස් වන්නේ මේ රනිල් නම් සාධකය නිසාය. එය ඉවත් කළ නොහැක. එය වෙනස් කළ නොහැක. ඒ සඳහා ගන්නා උත්සාහයන්ගෙන් ද වැඩක් වන්නේ නැත. එය අනිවාර්ය තත්වයක් වනවා සේම එය යථාර්ථය ලෙස පිළිගැනීමට සිදුවේ. මන්ද යත් රනිල් හැර වෙන විකල්ප නැති බැවිනි. නමුත් රනිල් යනු හුදු පුද්ගල සාධකයක් ලෙස තේරුම් නොගත යුතුය. එසේ වීම නැවත වරද්දා ගැනීමකි. රනිල් යනු ක‍්‍රමවේදයකි. නවීකාරක ක‍්‍රමවේදයකි.

- සුජය

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us