තරුණයන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී හිටපු මන්ත්‍රීවරයා ප්‍රේමනාත් සී. දොලවත්ත Featured

Thursday, 15 August 2024 12:54

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරන ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන manthri.lk වෙබ් අඩවිය පසුගිය 13 වන දිනට යෙදී තිබුණු " ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙරට තරුණයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වා තිබෙන දායකත්ව පිළිබඳ ශ්‍රේණිගත කිරීමක් කර තිබිණි.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් කරුණයන් වෙනුවෙන් වැඩිම ක්‍රියාකාරී දායකත්වයක් සපයා ඇත්තේ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාය.

සමස්ත පාර්ලිමේන්තුව තුළ තරුණ කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරු 11 දෙනෙකු පමණක් බවත් එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ නිරන්තරයෙන්ම වාද විවාද වලට සම්බන්ධ වන ක්‍රියාකාරී තරුණ මන්ත්‍රීවරයකු වන අතර manthri.lk වෙබ් අඩවිය සඳහන් කරන ලෙස සමස්ත මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්ව ශ්‍රේණිගත කිරීම අනුවත් ඔහු 8 වන ස්ථානය අත්පත් කරගෙන ඇත.

ඔහු තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම මෙහිදී මෙරට තරුණ පරපුර ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් වූ මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා දීම සඳහා පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් වී ඇත.

එමෙන්ම යුක්තිය, ආරක්ෂාව හා මහජන සාමය / ආණ්ඩුකරණ, පරිපාලන හා පාර්ලිමේන්තු කටයුතු/ ජාතික උරුමයන්, මාධ්‍ය හා ක්‍රීඩා/ කම්කරු හා රැකියා/ සුබසාධන හා සමාජ සේවා/ ආර්ථික හා මුල්‍ය/ අධ්‍යාපන/ නගර සැලසුම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන යන විෂයන් කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වැඩි දායකත්වයක් සපයා ඇත.

The Institute of Politics ආයතනය විසින් ද 2022 වසරේ හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාව සම්මානයට පාත්‍රකර තිබිණි.

WhatsApp Image 2024 08 15 at 12.29.56 9b00973d

WhatsApp Image 2024 08 15 at 12.29.56 2e068f96

 

Last modified on Thursday, 15 August 2024 13:28

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us