අයහපත් කාලගුණයෙන් පවුල් 778 ක් පිඩාවට

Published in පුවත්
Tuesday, 20 August 2024 08:40

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 778 කට අයත් පුද්ගලයින් 2872 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිස රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව 1,256කි..

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 977 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 639 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර, කුකුලේගම ජලාශයේ වාන් දොරටුවක් සහ දැදුරු ඔයේ වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අධික වැසි සමග කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කෙරුණු නායයෑමේ රතු නිවේදන යළි දීර්ඝ කර තිබේ.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියගොඩ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් රතු නිවේදන ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊට අමතරව කොළඹ ,ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර,කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවයි.

කළු ගඟ, මඟුර සහ පුටුපවුල ප්‍රදේශවලින් ද , ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් ද අවදානම් මට්ටමට ළඟා වී තිබේ.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති වන බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us