රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යායුතුයි - නැතිනම් දැඩි දඩුවම්

Published in විදෙස්
Friday, 09 August 2024 09:41

රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යා යුතු බවට ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබෙනවා.

එසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඔහු පවසනවා.ඒ, අනුව රාජ්‍ය සේවකයන්ට පල්ලි යෑමට වෙනම කාලය වෙන් කර දෙන බවත්, එම කාලය ඇතුළත ළඟම ඇති පල්ලියට ගොස් යාඥා කළ යුතු බවත් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

ඇෆ්ගන් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ අණ පරිදි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතිය වන අතර ඇෆ්ගන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික එකකි.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් නිකම යෑමෙන් පසු, තලේබාන්වරුන් යළි බලය අත්පත් කර ගත්තේ 2021 දීය.

බාලිකා අධ්‍යාපනයට තහංචි පැනවූයේත්, කාන්තාවන්ට රැකියා කිරීම වැළැක්වූයේත්, සංගීතය චිත්‍රපට ආදිය ඇෆ්ගනිස්තානයේ තහනම් කළේත් මෙම තලේබාන් රජයයි.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us