රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන අයට දැනුම්දීමක්

Published in පුවත්
Friday, 09 August 2024 09:26

රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, මීට පෙර රජයේ තනතුරු දරමින් සිටියදී රජය මගින් ලබාදුන් නිශ්චල සහ චංචල දේපොළ එම නිලතලවලින් ඉවත්වූ පසු නිත්‍යානූකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවය.

ඒ අනුව එලෙස පරිහරණය කරන්නේ නම් ඒවා කඩිනමින් ආපසු භාරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ බලධාරීන් සිදුකළ යුතු බව සඳහන් කරමින් අමාත්‍යාංශය ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයට අනුබද්ධ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නිවේදනය නිකුත්කර තිබේ.

දූෂණ විරෝධි පනතේ 41 සහ 111 වගන්ති ප්‍රකාරව එහි මෙලෙස කිසියම් පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව අදාළ දේපොළ රජය වෙත භාර නොදීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අදාළ ලිපියෙහි දක්වා ඇත.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us