මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක්

Published in පුවත්
Thursday, 04 July 2024 09:04

තංගල්ලට එපිට මුහුදේ දී පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර අමාත්‍යවරයාගේ උපදෙස් මත මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අදාළ වන්දි මුදල තීරණය කරන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ද කහවත්ත මහතා සඳහන් කළේ ය.

ඔවුන් රක්ෂණය වී ඇති බැවින් එක් අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ 50000 ක වන්දියක් ද පිරිනැමීමට නියමිත බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ලදී.

මේ අතර මියගිය ධීවරයින් සිව් දෙනෙකුගේ සිරුරු අද දිනයේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිතය.

පෙරේදා ගොඩබිමට රැ‌ගෙන එනු ලැබූ මියගිය තවත් ධීවරයෙකුගේ සිරුරක් මේ වනවිට හම්බන්තොට රෝහලේ තැන්පත් කර තිබේ.

ඩෙවොන් ටූ යාත්‍රාවේ සිටි අදාළ ධීවර පිරිස මෙම සිද්ධියට මුහුණ දුන්නේ පසුගිය සෙනසුරාදායි.

හය දෙනෙකු එම ධීවර යාත්‍රාවේ ගමන් කර තිබෙන අතර දිවි බේරා ගැනීමට හැකි වී ඇත්තේ ඉන් එක් අයෙකුට පමණයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us