කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් වන්නේ නැහැ -බයින්ඩින්

Published in විදෙස්
Thursday, 04 July 2024 10:03

කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා බයිඩන්ය. මෙම වසරේ නෙවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට බයිඩන් ඉදිරිපත් වන්නේ, හිටපු ජනාධිපතිවරයකු වන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවය.ෙ

පසුගිය දා බයිඩන් සහ ට්‍රම්ප් අතර සජීවී රූපවාහිනී විවාදයක් පැවැත්විණි. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි.

විවාදයේ දී බයිඩන් අපහසුතාවට පත් වුණු අතර, ඔහුට හරිහැටි වචන ගලවා ගැනීමට පවා නොහැකි විය. ඒ, ඔහුගේ වයස හේතුවෙනි. 78 හැවිරිදි ට්‍රම්ප්ට එය වාසියක් වුණු අතර, බයිඩන්ට ‘මඩ ගැසීමට’ ට්‍රම්ප් සමත් විය.

විවාදයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනා බයිඩන්ට පැවැසුවේ, වෙන තරුණ අපේක්ෂකයකුට ඉඩ දී, ජනාධිපති සටනින් ඉවත් වන ලෙසය.

බයිඩන් වෙනුවට, ට්‍රම්ප්ට අභියෝග කළ හැකි අපේක්ෂක අපේක්ෂිකාවන් කීප දෙනකු ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බවත්, බයිඩන් කළ යුත්තේ ජනාධිපතිවරණ සටනින් ඉවත් වීම බවත් ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන පෙන්වා දුන්නේය.

‘ඔව්, මම වයසයි. මම ඉස්සර වගේ නැහැ. අදහස් ඔළුවට ගලාගෙන එන්නේ නැහැ තමයි. වචන පැටලෙනවා තමයි. ඒත් ට්‍රම්ප්ට අභියෝගයක් වෙන්න මට තවමත් පුළුවන්. ට්‍රම්ප් කියන්නේ බොරු කාරයෙක්. තමන්ගේ වාසිය ගැන හිතන කෙනෙක්. මම ජනපති සටනින් ඉවත් වෙන්නේ නැහැ’ යැයි බයිඩන් පවසා ඇත.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us