කෘතීම මතකයක් මගින් වසර ගණනක සිර දඩුවමක් ලිහිල් කළ හැකි අමුතු වැඩක් ලෝකයෙන් සොයාගනී Featured

Published in විදෙස්
Wednesday, 03 July 2024 10:03

විවිධ වැරදි සඳහා සිර දඩුවම් නියමවූ අපරාධකරුවන්ට ඉතා කෙටි කාලයක් තුළ තම දඩුවම් කාලය ගෙවාදැමිය හැකි නව සංකල්පයක් ලොවට හඳුන්වාදී ඇත.

බර්ලිනයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වන හමේෂ් අල් ගයිලි විසින් ඉදිරිපත් කර ඇති මෙම සංකල්පය හරහා සිරඳඩුවම් ලබන පුද්ගලයින්ගේ මනසට නව කෘතිම මතකයන් එක්කිරීම හරහා කෙටි කාලයක් තුළ ඔවුන් නැවත සමාජගත කළ හැකි බවයි එමගින් පෙන්වා දෙනුයේ .

මෙය විවිධ වැරදි සඳහා පුද්ගලයින් සාම්ප්‍රදායිකව සිරගත කිරීම වෙනුවට ඒ සඳහා විකල්ප පිළිවෙතක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ සිය දඩුවම අත්විඳ නැවත සමාජගත කිරීමේ නව සංකල්පයකි. Cognify ලෙස හඳුන්වනු ලබන මෙම ක්‍රමවේදය මගින් සිරදඩුවම් ලැබූ පුද්ගලයින් යන්ත්‍රවලට සම්බන්ධකර ඔවුන්ගේ මොළය සඳහා කෘතිම මතකයන් එක්කිරිම සිදුකරනු ලැබේ.

මෙම ප්‍රතිකාරය සඳහා ගතවනු ලබන්නේ මිනිත්තු කිහිපයක් වන අතර ඔවුන් වසර කිහිපයක් සිරගතව සිටියා මෙන් මතකයක් ඔවුන් වෙත කාවැද්දීම සිදුකරන අතර එම ප්‍රතිකාරය හරහා නැවත ඔවුන් සමාජයට මුදාහැරීමට අවස්ථාව උදාවේ.

මෙහිදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා වැරදිකරවන් වූ පුද්ගලයින්ට වින්දිතයින්ගේ දෘෂ්ටිකෝණයෙන් සිය අපරාධය අත්විඳිමට බලකළ හැකි අතර, මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණිමට අවස්ථාව උදාවන බවයි වාර්තා වන්නේ. පසුතැවීම් වැනි චිත්තවේගී තත්ත්වයන් ස්නායු සම්ප්‍රේෂක සහ හෝමෝන හැසිරවීම ප්‍රේරණය කිරීම Cognify ක්‍රමවේදය මගින් සිදුකරනු ලබයි.

කෘත්‍රිම මතකයන් සිරකරුවන්ගේ මොළයට සෘජුවම බද්ධ කරමින් කෘත්‍රිම බුද්ධියක් හරහා නව මතකයන් ලබාදීම සිදුකරන අතර මෙමගින් පුද්ගලයින් සිරමැදිරි තුළ රඳවා ගැනීම වළැක්වීම තුළින් සිරමැදිරි තුළ අධිත තදබදය වළක්වා ගත හැකි බවයි ඔහු ප්‍රකාශ කරනු ලබන්නේ .

මෙම ක්‍රමවේදය මගින් කෘතිම මතකයන් සකස් කර මොළය වෙත ඇතුළත් කිරීම සිදුකරනු ලබන අතර පසුව එම මතකයන් පරිගණයක් හරහා බෙදාගැනීම සිදුකරයි .

මෙම සංකල්පය ආරක්ෂිත හා අඩු පිරිවැයක් මෙන්ම සිරදඩුවම් අඩු කිරීමට භාවි කළ හැකි ක්‍රමවේදයක් වුවත් මේ සඳහා සද‍ාචාරාත්මක ප්‍රමිතීන් හා මනා අධීක්ෂණයක් අවශ්‍ය බවද අල්-ගයිලි පිළිගනු ලබනවා.

කෙසේවෙතත් අල්-ගයිලිගේ සංකල්පය පිළිබඳව සහ Cognify ක්‍රමවේදය මගින් මොළ සේදීමේ ක්‍රියාවලියක් සිදුවනු ඇති බවට විවේචන එල්ලවේ. එමෙන්ම, එවැනි තාක්ෂණ ක්‍රමවේදයක් පාලනය කරන අය පිළීබඳවද දැඩි විශ්වාසයක් පැවතිය යුතු බවද වාර්තා වේ.

-P.M

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us